Gossip

ජාතික රෝහල් හෙදියකටත් කොරෝනා….

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා වෙයි.

කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයට අනියුක්තව මෙම හෙදිය සේවය කර ඇත.

ඇය මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය මේ වනවිට කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ඇයට මෙම කොරෝනා වෛරසය කෙලෙස ආසාදනය වුවාද යන්න සම්බන්ධයෙන් තහවුරු වී නොමැත.

කොරෝනා වෛරසය ආසාදනය වූ එම හෙදිය සමග සේවයේ නියුතු සෙසු පිරිසගේ PCR පරීක්ෂණ අද(14) දිනයේදී සිදුකිරිමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!