Gossip

ජනප්‍රිය ගායන ශිල්පී සඳුන් පෙරේරා හොර රහසේම මානසික වෛද්‍යවරියක් සමඟ විවිහා ගිවිසගත් හේතුව හෙළි කරයි – Photos

සඳුන් පෙරේරා කියන්නේ තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත්තු ජනප්‍රිය ගායන ශිල්පියෙක්.
පසුගිය දවසක සදුන් පෙරේරා විවාහ ගිවිස ගත්තා.
ඒ ගැනත් සදුන්ගේ අලුත්ම තොරතුරු ගැනත් සතිඅන්ත පුවත්පතකට ඔහු මේ විදිහට කියලා තිබුණා.

ළඟකදී සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද?
ඔව්, මම විවාහ ගිවිස ගත්තා. ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලා බලන එක හොඳයි කියලා හිතුණා.

ඇයි හොර රහසෙම විවාහ වුණේ?
කලාකරුවන්ගෙ විවාහය ගැන අද සමාජය කතා කරන්නෙ බොහොම කලකිරීමකින්.
ඉතින් මට මුළු රටටම අඬබෙර ගහලා කියන්න ඕනකමක් තිබුණෙ නැහැ. ඉතින් සාමාන්‍ය විදියට ර්.ට්. ධනුෂ්ක, තීක්ෂණ අනුරාධ වගේ සීමිත පිරිසකට කියලා ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූවා.

ඇය ගැන විස්තර කිව්වොත්?
ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් විදියට ඇය කටයුතු කරනවා.

ඇය මුණගැහුණෙ කොහොමද?
එයා සඳුන් පෙරේරාට ගොඩක් ආදරේ කරන කෙනෙක්. එයා මගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමකට අහුවෙලා තිබුණා.
ඒ ව්‍යාජ ගිණුම්කරුවට බොරුව අහුවෙලා. ඉතින් ඒ බව මට දැනුම් දෙන්න එයාගේ අක්කා මට කතා කළා. පස්සෙ මාස ගණනක් යනකම්ම කතා කළේ නැහැ.
ඊට පස්සේ මම ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩිලා ඉන්න දවස්වල අපි දැන හඳුනගත්තා. ඒ කාලයෙදි අපි අපිව ගොඩක් තේරුම් ගත්තා. මෙහෙම ගියොත් අපිට අපේ අනාගතය සුබයි කියලා තේරුණු නිසා අපි එකතු වුණා.

මේ ආදර කතාව කොච්චර කාලයක ආදර කතාවක්ද?
එච්චර පරණ නැහැ. මොකද අපි අපිව තේරුම් ගැනීම කියන එක බොහොම කෙටි කාලයකදී සිද්ධ වුණා. අවුරුදු එකහමාරක් වගේ කෙටි කාලයක ආදර කතාවක් තමයි මේක.

කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ?
එයා කලින් ඉඳලම මට ආදරේ කරන බව දැනුණා. නමුත් මම එයා කියනකම් බලන් ඉන්නේ නැතිව මමම එයාගෙන් කැමැත්ත ඇහුවා.

ඔයාගේ ජීවිතයට තෝර ගත්තෙ හොඳම කෙනාද?
ඔව්, මම හිතනවා. මොකද මගේ පවුලේ අය හැම කෙනෙක්වම සතුටු කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් තමයි එයා.

දෙපාර්ශ්වයේ මවුපියන්ගෙන් ඔය ආදර කතාවට බාධා ආවේ නැද්ද?
නැහැ, මුල් කාලයේදී සාමාන්‍ය විදියට පවුල්වලින් හොයලා බැලුවා. එතැනින් එහාට එහෙම ලොකු බාධාවක් ආවේ නැහැ. ගෙදර අයටත් ඇය හුඟක් උදවු කරනවා.

විවාහ ගිවිස ගැනීම දවසේ ඇයව පුදුම කළා කියන්නේ ඇත්තද?
මම ඇයව මුදු මාරු කරන ස්ථානයට ගෙනිච්චෙ ඒ දවස වෙනුවෙන්ම හදපු ගීතයක් සමඟින්.
ඒක ඇත්තටම පුදුම කිරීමක්. ඒ ගීතය මම එයාට හොරෙන් ලිව්වේ.
මමයි අශාන් ප්‍රනාන්දු අයියයි එකතු වෙලා මේ ගීතය කළේ. ඔහුටත් හුඟක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. අශානුයි මමයි ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා.
ඔහු මගේ ගොඩක් පරණ මිතුරෙක්. අපි දුරින් නෑදෑයොත් වෙනවා. පැය දෙකක් වැනි කෙටි කාලයකදී මේ ගීතය නිම කළා.

ඒ ගීතය ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ කවදද?
මගෙන් ආදර ගීතයක් බිහි වුණේ නැති නිසා මේ ගීතය මාස තුනක් ඇතුළත වගේ වීඩියෝවක් සමඟම ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඉතින් හරියටම කියන්න බැහැ.

ඔබ ක්ෂේත්‍රයේ කෙනෙක් තෝරාගත්තේ නැත්තේ?
මම කවදාවත් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ව විවාහ කරගන්නෙ නැහැ කියලමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ මට්ටමින් විවාහ යෝජනා තිබුණත් අවශ්‍ය වේලාවේදි මම සුදුසු කෙනාව තෝර ගත්තා.

ඇයත් සංගීතයට ළැදියිද?
ඔව්. ඇයට හොඳට ගායනා කරන්න පුළුවන්. නමුත් දැන් නම් ගායනා කරන්නෙ නැහැ. ඉස්සර නම් ඒවාට සහභාගි වෙලා තියෙනවා. ඇය හොඳ පද රචිකාවියක්. ඉතින් ඇයත් ගායනයට ළැදියි.

ඔබේ සංගීත කටයුතුවලට ඇය උදවු කරනවාද?
ඔව්, එයා උදවු කරනවා. හැමදෙයක්ම සමබර කරගන්න උදවු කරනවා. අපි තාම විවාහ ලියාපදිංචි වුණා විතරයි. නමුත් ඇය ඉන්න තැන ඉඳලා මට උපරිමයෙන් උදවු කරනවා.

විවාහ උත්සවය ගන්නෙ කවදද?
අපි අපිව තව තවත් තේරුම් අරගෙන සුදුසු කාලයකදි විවාහ උත්සවය ගන්නවා.

කොහොමද මේ දවස්වල අනෙක් වැඩ කටයුතු?
රාත්‍රි කාලයේදී ප්‍රසංගවලට සහභාගි වෙනවා. දවල් කාලයේ මාධ්‍යවල තියෙන වැඩසටහන්වලටත් සහභාගි වෙනවා. ඊට අමතරව ව්‍යාපාරයක් කරන්න කියලා අදහසක් තියෙනවා. මේ මාසයේ ප්‍රසංග කටයුතුවලට විදේශගත වෙන්නත් තියෙන නිසා ලංකාවේ ඉන්න කාලය අඩුයි.

ව්‍යාපාර කටයුතුවලට යොමු වුණොත් ගායනය මඟහැරෙයිද?
මම මගේ කටහඬට පණ තියෙනකල් ගායනා කරනවා. නමුත් කලාකරුවකුට ලැබෙන මුදල එක්ක මාසයකට ස්ථිර ආදායමක් ලැබෙන දේකුත් තියෙන්න ඕන.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු?
මාධ්‍යයට පළමු වතාවටයි කියන්නෙ මේක. මගේ සියලුම ගීත එකතු කරලා ලබන අවුරුද්දෙ වගේ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තව කලාකරුවන්වත් මේ ප්‍රසංගයට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!