Gossip

ජනප්‍රිය ගායක චලක චමුපති රිය අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය ගායක චලක චමුපති රිය අනතුරක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහුව මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය 26 වනදා අළුයම 2.30ට පමණ අවිස්සාවේල්ල කොළඹ පරණ පාරේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී ගායක චලක චමුපති පැදවූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි නවගමුව පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කළ ගායක චලක චමුපතිගේ මව වන කල්‍යාණි පෙරේරා මහත්මිය කියා සිටියේ “පුතා ලබන මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාව බලා යන්නයි ඉන්නෙ. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි වගයක් සම්බන්ධයෙන් විස්තර බලන්න පුතා බියගම ඉන්න යාළුවෙක් හම්බවෙන්න ගියා. ඒ ගිහින් පාන්දර තලවතුගොඩ ගෙදරට එනකොට පුතාට නින්ද ගිහින් තියෙනවා. එතකොට තමයි පුතා අනතුරට ලක් වෙලා තියෙන්නෙ. පුතාට දැන් ශල්‍යකර්මයක් කරමින් තියෙන්නේ” කියලයි.

අනතුරින් ගායක චලක චමුපතිගේ මෝටර් රථයට ද අලාභ හානි සිදුව ඇති අතර ගායක චලකගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!