Gossip

චීනයේ වෙසෙන ධනවත්ම මිනිසා වන ජැක් මා අලි බාබා හැර යයි

ලෝකප්‍රකට අන්තර්ජාල අලෙවි ආයතනයක් වන අලි බාබා සමාගමේ සභාපති ජැක් මා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය 55වැනි උත්සවය සමරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම්දී තිබුණා.

ජැක් මා සැලකෙන්නේ චීනයේ වෙසෙන ධනවත්ම මිනිසා ලෙසයි.

නැවුම් ආරම්භයකට මුල පිරීමේ අරමුණින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව සිය තීරණය ප්‍රකාශ කරමින් ජැක් මා ප්‍රකාශ කර තිබුණි.

අන්තර්ජාල භාණ්ඩ හා සේවා සපයන අලි බාබා ආයතනය අද වන විට ලොව වටිනාකමින් ඉහළම ආයතන දහයට ද අයත් වෙයි.

ජැක් මා ගේ වෙන්ව යාමේ සාදය සදහා අලි බාබා ආයතනයේ සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බව විදෙස් පුවත් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!