Gallery

චන්දිමාල් නැවතත් කැදවයි..අවසන් සංචිතය මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් 15 දෙනා ගෙන් යුත් සංවිතය නම් කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම සංචිතය නම් කර තිබෙන්නේ සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහායි.

එම සංචිතය සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට කලින් නවසීලන්ත තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 22 කුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල තේරීම් කමිටුව පියවර ගෙන තිබුණා.

ඒ අනුව 15 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය වන්නේ,

දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ළහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
අකිල ධනංජය
ලසිත් ඇඹුල්දෙණිය
සුරංග ලක්මාල්
ළහිරු කුමාර
ඕෂධ ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
විශ්ව ප්‍රනාන්දු

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!