Gossip

“චන්දිමාල් අවුට් වෙන්න විඳපු දුකක්.. බට්ටෝ පැන්නා, බිම පෙරලුනා දහඅට සන්නියම නැටුවා” -Photos

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වුණු තුන්වැනි එක්දින තරගය කඩුළු 7 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් රැස් කළා.
සධීර ලකුණු 35 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 36 ක් ලබාගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 34යි.
අයහපත් කාලගුණයේ බාධා නිසා පන්දුවාර 21 බැගින් ලබාදී තරගය පැවැත්වීමට තීරණය කළා.
පන්දු යැවීමේදී අඩිල් රෂීට් ලකුණු 4 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු තුනක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකළා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පරාජයත් කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමත් ගැන මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක පෝස්ට් හුවමාරු වෙන්න පටන් අරන්.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි පෝස්ට් කිහිපයක් මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!