Gossip News

ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි තවත් වෛරසයක්

චීන ඌරන් හරහා ව්‍යාප්තවන නව වෛරසයක් සම්බන්ධයෙන් එරට විශේෂඥයින් සිදුකළ පර්යේෂණයකදී තොරතුරු හෙළිව තිබෙනවා.
011 සිට 2018 යන වර්ෂයන් අතර වාරයේදී ඌරන්ට හටගත් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ වෛරස් සම්බන්ධයෙන් පර්යේෂණයක යෙදී සිටි චීනයේ විශේෂඥයින් පිරිසකට H1N1 වසංගත වෛරසයක සියලු ලක්ෂණ සහිත ” G4” නම් වූ වික්‍රියාවක් හඳුනා ගැනීමට හැකිවී ඇත.
චීනයේ වෛද්‍ය පර්යේෂක කණඩායම විසින් සිදුකළ එම පර්යේෂණයේ තොරතුරු අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සුප්‍රකට විද්‍යා සඟරාවක් වන ” National Academy of Science” හි පළකොට තිබේ.
මෙම නව වෛරසය ඉක්මනින් මිනිසුන්ට බෝවීමේ හැකියාවක් පවතින බවත් එය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් චීන පර්යේෂකයින් අනතුරු අඟවයි.
දැනට සිදුකර ඇති පර්යේෂණ වලදී ඌරු ගොවිපළවල් ආශ්‍රිතව සේවය කරනු ලබන සේවකයින්ගේ රුධිර පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිර සාම්පල් තුළ වෛරසය පැවති බවට සොයා ගෙන තිබේ.
අධික ජනගහණයෙන් යුත් පුද්ගලයින් ගොවිපොළවල් ආශ්‍රිතව ජිවත් වීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තියක් සිදුවුව හොත් ඉතා ඉක්මනින් මිනිසුන් අතරේ පැතිර යාමට ඉඩක් ඇති බවයි චීන පර්යේෂක කණ්ඩායම සඳහන් කර සිටින්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!