Gossip

ගෙදරට කැන්දන් එන මනමාලිට දෑවැද්දට ලක්ෂ 13ක ගංජා තෑගි කරයි

වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්ද ලෙස රැගෙන යමින් තිබූ රුපියල් ලක්‍ෂ 13 ක්‌ වටිනා ගංජා කිලෝ 13 ක්‌ සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පොලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගිනුයි.

මඟුල් ගෙදරට අවශ්‍ය කැවුම් ඇතුළු කැවිලි පෙට්‌ටියක්‌ ලෙස සැකසූ කාඩ් බෝඩ් පෙට්‌ටියක අසුරා තිබූ ගංජා තොගයක්‌ හා ගමන් බෑගයක තිබූ ගංජා තොගයක්‌ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ගම්පොල පේරාදෙණිය, ගෙලිඔය ඇතුළු මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ සඳහා වැල්ලවායේ සිට ගංජා බෙදා හැරීමක්‌ සිදු කිරීම පිළිබඳව ලද තොරතුරකට අනුව කාලයක්‌ තිස්‌සේ වෙලම්බොඩ පොලිසිය මගින් මෙම ගංජා ජාවාරම වැටලීම පිළිබඳව සැලසුම් සකස්‌ කර තිබුණා.

ඒ අනුව ගංජා මිල දී ගන්නා මුදලාලි කෙනකු ලෙස උපාය දූතයකු යොදවා මෙම ගංජා ජාවාරම අල්ලා ගැනීමට සැලසුම ක්‍රියාත්මක කර තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා මහනුවර බසයකින් ගංජා රැගෙන යමින් සිටියදී වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. ශාන්ත බණ්‌ඩාර මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම බසයට ගොඩ වී මෙම සැකකරුවන් හඳුනා ගෙන කාඩ්බෝඩ් පෙට්‌ටිය පිළිබඳව විමසීමේදී වැල්ලවායෙන් කැන්දාගෙන ගිය මනමාලියට දෑවැදි රැගෙන යන බව පවසා තිබෙනවා.

ගම්පොල පාලම අසල බස්‌ නැවතුමේදී ඒ ගැන වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ගංජා අසුරා තිබූ පාර්සල් 13 ක්‌ සොයා ගැනීමට හැකි වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!