Gossip

ගැහැනු විතරක්ම නොවේ ගැහැනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ. පිරිමිත් ඊර්ෂ්‍යා කරනවා..” – ෂෙහානි කහඳවල – Photos

පුංචි තිරය හැඩකරන රුවත්තියක් වන ශෙහානි කහඳවල කා අතරත් ජනප්‍රියයි.
කාගේත් ආදරය දිනාගත් ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ශෙහානි මේ විදිහට කියලා තිබුණා.

ඇත්තටම ශෙහානි ඔබේ ලස්සනවීමේ රහස කුමක්ද?
ම්…. මම හිතන්නේ සිතුවිලිවලින් ලස්සන වෙනවානම් අපිට ලස්සන රූපයක් පවත්වාගෙන යෑම ගැටලූවක් වෙන්නේ නැහැ.

ඔබට ලස්සන රූපයක් ලැබිලා තිබෙනවා. කෙනෙක් ලස්සන වෙලා ඉපදෙන්න මොනවාද කරන්න ඕනෙ.?
ඒක පෙර ආත්මේ කරපු කුසල් නිසා ලැබෙන දෙයක් කියලා මට හිතෙන්නේ.
මම අහලා තියෙනවා පෙර ආත්මවලදී බුදු හාමුදුරුවන්ට මල් පූජා කරපු අය ඒ කුසලයේ බලයෙන් මේ ආත්මේ ලස්සන වෙලා ඉපදෙනවා කියලා.
කොහාම නමුත් පෙර ආත්මේ කළ කුසල් මේ ආත්මේ මට රූපයක් විදිහට ලැබෙන්න ඇති.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවද?
මට නම් හිතෙන්නේ කාන්තාවකගේ ලස්සන විය යුත්තේ හිත. ලස්සන රූපය කියන දේ එතරම් වැදගත් නෑ.
කෙනෙක් ගුණ යහපත් නොවේ නම්, සිතුවිලි වලින් පවිටුනම් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ. කෙනෙක්ව මතු පිටින් බලලා ජජ් කරන එක වැරදී. කෙනෙක් හොඳද නරකද කියා තේරුම් ගත යුත්තේ ආශ්‍රය කරලාමයි.

කාන්තාවකට ලස්සන වෙන්න සල්ලිම ඕනේද?
නැහැ. පුංචි පුංචි දේවල් ටිකක් අනුගමනය කරාම ඉබේම, නොමිලේම ලස්සන වෙන්න පුළුවන්.
එහි පළමු රහස තමයි සිතුවිලි ලස්සන කර ගන්න එක. අනිත් දේ තමයි අපි පිරිසිදුකමට මුල්තැන දෙන එක.
හිසකෙස්, නිය, වගේම මුළු ශරීරයම ලස්සනට තියා ගන්න අපි සැලකිලිමත් විය යුතුයි. පලතුරු, එළවළු, පලා වර්ග ආදිය නිතර ආහාරයට එක්කර ගැනීම පහසුවෙන්ම කළ හැකි දෙයක්.
වැඩිපුර වතුර බොන්න. මනස නිදහසේ තියා ගන්න. මේ ටික එක දිගට කරලා බලන්නකෝ

ඔබ දෛනිකව සොඳුරු පෙනුම තියාගන්න මොනවාද කරන්නේ කියලා දැන ගන්න කැමතියි?
උදේ නැගිට්ටාම වතුර බෝතලයක් බොන්න මම පුරුදු වෙලා ඉන්නවා. ගස්ලබු, අලිගැට පේර වගේ පලතුරු කන්න මම ආසයි.
ඊට අමතරව උදේ කෑම වෙනුවට මම ගොඩක් වෙලාවට ගන්නේ බනානා ස්මුතියි එකක්.
බනානා ස්මුතියි එකෙන් බඩ පිරෙනවා වගේම හමේ පැහැය ලස්සනට තියා ගන්න උපකාරී වෙනවා.
ඒක හදා ගන්නේ ආනමාළු කෙසෙල් ගෙඩියක් පොඩියට කපලා, ඒකට ආමන්ඞ් ඇට කිහිපයකුයි.
සෝයා කිරි එකතු කරලා බ්ලෙන්ඞ් කරගෙන රස වැඩිපුර අවශ්‍යනම් මම නියුටෙලා ටිකක් දාලා බ්ලෙන්ඞ් කර ගන්නවා. එහෙම තමයි බනානා ස්මුතියි එක හදා ගන්නේ. මම බත් කන්නේ නම් හරිම අඩුවෙන්. දවල්ට විතරයි බොහෝ වෙලාවට බත් කන්නේ. තුන් වේලටම බත් කන්න පුරුදු වුණාම අපි නොදැනුවත්වම බඩවල් ආරලා ඇවිත්, ඇඟවල් මහත් වෙනවා. ආ මට කියන්න බැරි වුණා. උදේට ඒ කිව්වේ දවල් 12 ට කලින් වගේ තැඹිලි ගෙඩියකුත් මම සුමානයට දින කිහිපයක් බොනවා. රාජකාරි කටයුතුත් එක්ක දිනපතා බැරි වුණත් මම ඉඳහිට ඖෂධීය කොළවලින් සකස් කළ කැඳ වර්ගයක් බොනවා.

කෑම බීම ගැනීමේදී ඔබ සැලකිලිමත්ද?
අම්මෝ ඔව්. පුළුවන් හැම වෙලාවකම මම මගේ කෑම එක ගෙදරින් ගෙනියනවා. තෙල්, මිරිස් දාපු කෑම කන්නේ හරිම අඩුවෙන්. එළියට ගියාම පීසා, බර්ගර්, වාගේ දේවල් කන්න කොච්චර ආස වුණත් මම ඒවා කන්නේ නැහැ.
පිටි, තෙල්, පැණි රස කෑම හොඳ නැති බව දන්න නිසා දැන දැන මම කොහොමත් කන්නේ නැහැ.
මේ කෑම කෑවට සමහර විට අපි මහත් නොවෙන්න පුළුවනි. නමුත් සුදුසු නොවන ආහාර වලින් බෝ නොවන ලෙඩවලට ඍජුවම බලපාන නිසා මම කෑම බීම ගැනීමේදී හරිම සැළකිළිමත්.

ව්‍යායාම කරනවාද?
ඔව්. ඇඟේ හැඩය තියා ගන්න වගේම නිරෝගිකම රැකගන්න මම අනිවාර්යෙන්ම ජිම් එකකට ගිහින් ව්‍යායාම කරනවා.

ආලේපන වර්ග භාවිත කරනවාද?
ස්වාභාවික ආලේපන නම් ගල්වනවා. හරිම අඩුයි. ඇත්තටම ඒ සඳහා වෙලාවක් නැහැ.
එළිමහනේ රූගත කිරීම් කරද්දි හිරු කිරණ ආරක්‍ෂණ ආලේපනයක් නම් ගල්වන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතරව කොච්චර වැඩ තිබුණත් මාසයට දවස් දෙකක් සැලොන් එකකට ගිහින් ෆේෂල් එකක් දාන්න පුරුදු වෙලා ඉන්නවා. හිසකෙස් නිරෝගී බවටත් මනස නිදහස් කර ගන්නත් හෙඞ්මසාජ් එකක් දාගන්නවා. ඔය වගේ දේවල් ටිකක් තමයි කෙරෙන්නේ නම්.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
රූපයෙන් වගේම හදවතින් ලස්සන මේ ලෝකේ මම දැකපු එකම කෙනා මගේ අම්මා. සමාජයේ ජීවත් වෙද්දී මට තේරෙනවා අම්මා තරම් හොඳ ගුණදහම් වලින් පොහොසත් කිසිම කෙනෙක් ලැබිලා නෑ කියලා.

කාන්තාව නිරතුරුවම සුවිශේෂි කෙනෙක් වෙන්න මොනවාද තිබිය යුත්තේ…?
ලස්සන සිනහවක් කාන්තාවකට තිබිය යුතුමයි. අනිත් දේ තමයි ලාලිත්‍යය, හැසිරෙන විදිහ, කතා බහ, පෞරුෂත්වය දරාගැනීමේ හැකියාව, ප්‍රශ්න හමුවේ මුහුණ දෙන විදිහ.
මගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආවාම මම කරන්නේ මගේ අම්මා හරි, මගේ හොඳම යාළුවෙකු එක්ක ඒ දේ බෙදා ගන්න එක.
ලෝකයේ ඇතිවෙන ඕනෑ ප්‍රශ්නයකට පිළිතුරක් තියෙනවා. කරන්න තියෙන්නේ ඉවසන් ඉන්න එක. මම ගොඩක් වෙලාවට තව කරන දෙයක් තමයි ඇස් දෙක වහගෙන සන්සුන් වෙලා ප්‍රශ්නය ගැන හිතන එක.
නිදහස් විවේකී වේලාවට භාවනා කරන්නත්, උදෑසන යෝග ව්‍යායාම වල නිරත වෙන්නත් මම පුරුදු වෙලා ඉන්නවා. ඒක මනසට හරිම හොඳ දෙයක්.

ඇතැම් කාන්තාවන් තවත් කාන්තාවක් ලස්සනට ඉන්නවාට ඊර්ෂ්‍යා කරනවා. ඔබ මේ කරුණ සමග එකඟද?
ම්…. ගැහැනු විතරක්ම නොවේ ගැහැනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ. පිරිමිත් ඊර්ෂ්‍යා කරනවා.
ගැහැනු පිරිමි බේදයක් නැතුව වයස් බේදයක් නැතුව තමන්ට නොලැබෙන, තමන්ට නොතිබෙන දේ වෙනුවෙන් සටන් කරන බවයි මගේ නම් අදහස.
පුංචි දරුවෙක් එයාලට නොලැබෙන දේවල්වලට හඬා වැටෙනවා. තව ටිකක් ලොකු වෙද්දී රන්ඩු කරනවා තමන්ට අවශ්‍ය දේ ගන්න. වැඩිහිටියන් විදිහට කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ, පාගන්න හදන්නේ මේ නිසා වෙන්න පුළුවනි.

විලාසිතා කරන්න කැමතිද?
ඔව්. මට ගැලපෙන, මගේ රූපයට ගැලපෙන, කාලයට ගැලපෙන විලාසිතා කරන්න මම හරිම ආසයි.

කෙනෙක් ඔබ ළඟට ඇවිත් ඔයා හරිම ලස්සනයි කිව්වොත් මොකද හිතට දැනෙන්නේ.?
ඒ වදන් හිත ගොඩක් සතුටු කරනවා. ඒ වගේම තවත් ලස්සනට ඉන්න ඕනේ කියන හැඟීම එනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!