Gossip News

ගාල්ල දිස්ත්‍රික් පාසල් 48ක කොවිඩ්

පළමු පාසල් වාරය ආරම්භයේ සිට පෙරේදා (10දා) දක්වා ගතවූ කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනකුට හා ගුරුවරු තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ගාලල් දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසයි.

මින් පාසල් දරුවන් අති බහුතරයකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ පවුලේ අයකුට හෝ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනකු හා ගුරුවරු 19 දෙනකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් සියලු දෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.

මෙම කාලය තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන් 33 දෙනකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ ඉකුත් සති දෙක තුළදී බවද හෙතෙම පවසයි. එම සති දෙක තුළ එක් ගුරුවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!