Gossip

ගගනගාමීන් ඕනෑකර තිබේ

අභ්‍යවකාශයට යාම ලොව පුරා ලොකු කුඩා බොහෝ දෙනා දකින සිහිනයකි.

අඩසිය වසකට ආසන්න කාලයක් සඳ මත මිනිසාගේ පා සටහන් නොතැබුනද එය වෙනස් කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.
එහි සැලසුම වී තිබෙන්නේ 2024 වනවිට පළමු කාන්තාව මෙන්ම මීළඟ පුරුෂයා ද චන්ද්‍ර පෘෂ්ඨය වෙත ගොඩබෑමය.

ඒ අනුව සිය ඉදිරි මෙහෙයුම් සඳහා එක්විය හැකි අපේක්ෂකයින් තෝරා ගැනීම කෙරෙහි නාසා හෙවත් එක්සත් ජනපදයේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය අවධානය යොමු කර ඇත.
මාර්තු 2 වෙනිදා සිට 31 වෙනිදා තෙක් අයදුම්පත් භාර ගන්නා බව සදහන්.

ගගනගාමියකු වීම සඳහා අවශ්‍ය කෙරෙන්නේ මොනවාද ?

ගගනගාමීන් ලෙස පුහුණු කිරීම සඳහා නාසා ආයතනය විසින් 1960 ගණන්වල සිට අපේක්ෂකයින් 350 දෙනෙකු තෝරාගනු ලැබූ අතර මේ වනවිට ක්‍රියාකාරී ගගනගාමී සංචිතය තුළ 48 දෙනෙක් සිටිති.
නාසා යනු එක්සත් ජනපද ෆෙඩරල් ඒජන්සියක් වන බැවින් ඊට එක්වීම සඳහා අවශ්‍ය කෙරෙන පළමු සුදුසුකම වන්නේ ඇමෙරිකානු පුරවැසිභාවය වේ. ද්විත්ව පුරවැසියන් හට ද අයදුම් කළ හැකිය.

විද්‍යාව සම්බන්ධ පසුබිම තවත් මූලික අවශ්‍යතාවකි. බඳවාගැනෙන නවකයින් ඉංජිනේරු, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව හෝ ගණිත යනාදිය ඇතුළත්ව විද්‍යාව හෝ ගණිත අංශයේ විද්‍යාපති උපාධියකට හිමිකම් කිව යුතුය.
සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හෝ ජාතික වශයෙන් පිළිගනු ලබන පරීක්ෂණ නියමු වැඩසටහනක් සම්පුර්ණ කරන ලද පුද්ගලයින්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය.
අධ්‍යාපනය පමණක් සෑහෙන්නේ නැත. අදාළ ක්ෂේත්‍රය තුළ දෙවසරක වෘත්තීය පළපුරුද්ද හෝ ජෙට් ගුවන් යානා ප්‍රධාන නියමුවකු ලෙස අවම තරමින් පැය 1,000 ක පියාසර කාලයක් ද සහිත විය යුතුවේ.

උපුටාගැනිම –  BBC.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!