හොලිවුඩ්

සති 7න් හලෝ කියන දරුවා

1 2 4 5

මව්කුසින් මෙලොව එළිය දකින දරුවෙකු ඉක්මනින්ම කතා කරනවා දකින්න මේ ලෝකයේ කාටත් කලින්ම මහත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඒ දරුවා බිහිකළ මව කිවුවොත් ඊට කවුරුවත් එරෙහි නොවනු ඇති. මොකද අම්මා කෙනෙක් දරුවෙකු කුස තුළ දස මාසයක් තිස්සේ තියාගෙන මහත් බලාපොරොත්තු ඇතිව මේ ලෝකයට බිහිකරන ඒ දරුවා කවදා හරි දවසක ‍රටේ ලෝකයේ ඉහළම තැනට යවන්න ඒ අම්මත්  තාත්තාත්‍ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා.

මේ කියන්න යන්නේ ‍ඒ වගේම කතාවක් තමයි. මේ ඡායා රූපයේ ඉන්න ගැහැණු දරුවෙක්. මේ දරුවා ඉන්නේ අයර්ලන්තයේ. මෙයාගේ වයස තාම සති 7යි. නම චිලියන්. අම්මාගේ නම පෝල් මෙකේන්. තාත්තා ඩෝනි. මෙයාට අක්කලා තු‍න්දෙනෙකුත් ඉන්නවා.

මේ අම්මාගේත් තාත්තාගේත් හුරතල් දරු පොඩ්ඩ ගැන ඔබ නොහිතන කතාවක් තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි මේ දරුවා ඉස් ඉස්සෙල්ලාම හලෝ කියන වචනය ඉතාම පැහැදිලිව කියන හැටි. මේ දරුවා එහෙම කියද්දී මෙයාගේ අම්මා ඒක වීඩියෝ කරලා තියෙනවා.

ඉතින් අම්මා කියන්නේ ඒ වචනය එයාට ඇහුණු වෙලේ ඒක නිකම් හීනයක් දැක්කා වගේ කියලා. ඒ හීනය සැබෑම හීනයක් වගේ එයාට දැනෙන්න ගත්තා කියන්නේ ආයෙත් ඒ වීඩියෝ එක බලන්න ගත්තාට පස්සෙලු.

සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් ඉපදුණාට පස්සේ කතා කරන්න මාස 7ක් 8ක් විතර යනවා. ඒ වගේම පිරිමි දරුවෙක් ඉපදුණාට පස්සේ කතා කරන්න මාස 11 ක් 12ක්  යනවා. ඉතින් මේ දරුවා සති 7න් දැන්මම හලෝ කියලා කතා කරනවා කිවුවාම හිතාගන්නකෝ ඉදිරිය ගැන…

මේ ඒ දරුවා හලෝ කියන වීඩියෝව…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!