Gossip

කොවිඩ් යැයි සැක පුද්ගලයෙකු හලාවත රෝහලේදී මියයයි

සැක සහිතව හලාවත මහ රෝහලේ කෝවිඞ් ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
60 හැවිරිදි නුගේගොඩ නන්ද මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
ඩුබායි සිට පසුගිය 02 වනදා මෙරටට පැමිණ ඇති එම පුද්ගලයා නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ හලාවත පිහිටි පෞද්ගලික හෝටලයක නිරෝධායන මධ්‍යස්ථානයකටයි.
එම පුද්ගලයා නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අළුයම මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල PRC පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ අදාළ පුද්ගලයාට ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.
අද උදෑසන වනවිටත් හොඳ සෞඛ්‍ය තත්වයකින් අදාළ පුද්ගලයා සිටිබවත් ,හදිසියේම මෙම මරණය සිදුවුයේ ඇයිද යන්න නිශ්චිතව තවමත් කිව නොහැකිබවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!