Gossip

කොල්ලුපිටියෙන් මතුවූ අමුතු සෙල්ලම

කොල්ලුපිටිය පොලිස් වසමේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රාත්‍රී කැරොකේ සමාජ ශාලාවක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

එහි සිටි විදෙස් ජාතික කාන්තාවක් තිදෙනෙකු, ඇතුළු පුද්ගලයින් 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඉන් 09 දෙනෙකු විදෙස් ජාතික පිරිමි පුද්ගලයින් බවත් ඉතුරු දෙදෙනා ලංකික පුද්ගලයින් බවත් පොලීසිය පවසනවා.

එම සමාජ ශාලව තුළ තිබී බලපත්‍ර රහිත බියර් බෝතල් 483ක්ද, වයින් බෝතල් 06ක්ද, දේශිය මත්පැන් බෝතල් හා තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 100ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී කාලයේදී කොල්ලුපිටිය පොලීසිය විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ, විදෙස් ජාතික කාන්තාවක් වන අතර ඇය ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 90,000ක දඩ මුදලකට යටත්ව මුදා හැර තිබෙනවා.

මේ අතර මෙහි තිරුබදු රහිත දුම්වැටි ළඟ තබාගැනීම හේතුවෙන් එහි කළමණාකරු අධිකරණය ඉදිරියේ වරද පිළිගත් අතර ඔහුව රුපියල් 60,000ක දඩ මුදලකට යටත්ව මුදාහැර තිබෙනවා.

අනෙක් සැකකරුවන් හා සැකකාරියන් විමර්ශන කටයුතුවලින් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරි බව පොලීසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!