Gossip

කොරෝනා හැදුණු 10608කට අසාධ්‍යයි… බෙහෙත් කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 1716 දෙනකුටත් කොරෝනා හැදිලා

චීනය ඇතුළුව ලොව පුරා රටවල්වලින් දැනට වාර්තා වී ඇති කොරෝනා වෛරස් රෝගීන්ගෙන් දස දහස් හයසිය අටදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මොවුන්ගෙන් බහුතරය චීන ජාතිකයන් වන අතර වැඩි දෙනා හුබෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වී තිබේ.

ඉකුත් බ‍්‍රහස්පතින්දා (13 දා* දිනයේ දී චීනයේ නව කොරෝනා වෛරසයට 5090 දෙනකු අලූතින් ගොදුරු වී ඇති අතර මරණ 121 ක් සිදුව තිබේ.

ඊයේ වන විට චීනය ද ඇතුළුව ලොව පුරා රටවල් 28 කින් කොරෝනා වෛරසයට ගොදුරුවූවන් වාර්තා වී තිබුණි. මෙතෙක් එම රටවලින් වාර්තා වී ඇති මුළු කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැටහතර දහස් හාරසිය පනස්හයකි.
මරණ 1384 ක් වාර්තා වී තිබුණි. මින් බහුතරය චීනයෙන් වාර්තා වී තිබිණි. මෙතෙක් රෝග තත්ත්වය සුවවූ සංඛ්‍යාව 7101 කි.

මේ අතර චීනය පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප‍්‍රතිකාර කළ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 1716 දෙනකු එම වෛරසය ආසාදිත වී සිටින බව ඊයේ ප‍්‍රථම වරට චීන බලධාරීන් විසින් අනාවරණය කර තිබුණි. මොවුන්ගෙන් 1102 දෙනකුම වූහාන් නගරයේ රෝහල්වල සේවා කරන අය බව ප‍්‍රකාශ වී තිබේ. මේ වන විට වෛරසයට ගොදුරුව මිය ගොස් ඇති එම කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිස 06 දෙනෙකි.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!