Gossip

“කොරෝනා සාප්පුවලින්” ප්‍රවේසම්වන්න

සාප්පු තුළ කොරෝනා වෛරසය දින ගණන් නොනැසී පැවතිය හැකි බැවින් සාප්පුවලට යන්නන්  කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳීම මෙන්ම නිරතුරුව සබන් යොදා දැත් සේදීම සිදු කළ යුතු බව එංගලන්තයේ සදම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පිළිබඳ මහාචාර්ය බිල් කීවිල් පවසයි.

කොරෝනා වෛරසය වානේ  හා ප්ලාස්ටික් භාණ්ඩවල මතුපිට දින තුනත් හතත් අතර කාල සීමාවක් රැඳී තිබිය හැකි බව ඇමරිකානු හා චීන පර්යේෂකයින් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබීම නිසා සාප්පුවල නියමිත පිරිසිදු භාවයක් නොමැති නම් ඒවායේ සංචාරය කරන මහජනතාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බව මහාචාර්ය කීවිල් කියයි.

රෙදිපිළි හා නිමි ඇඳුම් මතද වෛරසයට වැඩි වේලාවක් රැඳී පැවතීමට හැකි නිසා පාරිභෝගිකයින් විසින් අතපත  ගානු ලබන එම ඇඳුම් හා රෙදි පිරිසිදු කිරීමට රෙදි සාප්පුවල අයිතිකරුවන් විසින් පියවර ගත යුතු බව පෙන්වා දෙන මහාචාර්ය කීවිල් එසේ වැඩි පිරිසක් විසින් අතපත ගානු ලබන රෙදිපිළි හා ඇඳුම් පැය 72 ක කාලයක් නීරෝධායනයට ලක් කළ යුතු බවත් සාප්පුවල තිබෙන ඇඳුම් මාරු කරන ස්ථාන හා වැසිකිළි මෙම කාලයේ වසා තැබිය යුතු බව අවධාරණය කර සිටි.

දොරවල අගුලුවල ,ආභරණ වැනි දැ මතද කොරෝනා වෛරසයට දින ගණනක් රැඳී සිටිය හැකි අතර මුදල් නෝට්ටු මත වෛරසයට දින හතරක පමණ කාලයක් පැවැතිය හැකි බව  “බී බී සී ගුවන් විදුලිය හා සිදු කළ සම්මුඛ සාකච්ජාවකදී මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!