Gossip

කොරෝනා වෛරසය ගැන හරි තොරතුරු රජය හංඟනවා

කොවිඩ් -19 වෛරසය සම්බන්ධ ඇතැම් තොරතුරු රජය විසින් වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ මෙම වෛරසය ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් මේ රජය තොරතුරු වසන් කරන බවයි.

එම පුද්ගලයන් සම්බන්ධයෙන් මීට මසකට පෙර සිටම තම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ඉල්ලා සිටියද මේ වනතෙක් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරනවා.

එමෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කරන උපකරණ හිඟවීමට පෙර අදාළ අංශවලට දැනුම් නොදීම මත සියලුම පරීක්ෂණ කටයුතු අතරමග ඇණහිටින බවද ඔහු පවසනවා.

මේ ආකාරයෙන් ඇතැම් තොරතුරු වසන් කිරීම ගැන සිය සංගමයට සැකයක් පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!