Gossip

කොරෝනා වෛරසයේ ඉතිහාස කතාව මෙන්න

කොරෝනා වෛරසය මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකයේදීය, නමුත් ඒය හටගත්තේ කෙසේදැයි හදුනාගෙන නැත.
තනි දාමයක් සහිත RNA වෛරසයක් වන මෙය ඔටුන්න වැනි හැඩය නිසා කොරෝනා ලෙස නම ලබා දී ඇත.කොරෝනා වෛරසය සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය විය හැකිය.

කොරෝනා වෛරසයේ ඉතිහාසය..

MERS සහ SARS යනු කොරෝනා වෛරස් වර්ග වේ. Middle East respiratory syndrome (MERS) ලෙස 858 ක් පමණ බිලිගත් අතර එය ප්‍රථම වරට 2012 දී සවුදි අරාබියේ ද පසුව මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේ වෙනත් රටවල ද පැතිර ගියේය.
2014 අප්‍රේල් මාසයේදී පළමු ඇමරිකානුවා ඉන්දියානා හි MERS සඳහා රෝහල් ගත කළ අතර තවත් අයෙක් ෆ්ලොරිඩාවෙන් වාර්තා විය.
දෙදෙනාම සවුදි අරාබියෙන් පැමිණ ඇත. 2015 මැයි මාසයේදී කොරියාවේ MRES රෝගය පැතිර ගිය අතර එය අරාබි අර්ධද්වීපයෙන් පිටත සනාථ වූ විශාලම අවස්ථාව විය. 2003 දී severe acute respiratory syndrome (SARS) යෙන් පුද්ගලයින් 774 ක් මිය ගියහ. 2015 වන විට SARS රෝගීන් පිළිබඳ වැඩිදුර වාර්තා නොමැත.

කොරෝනා වෛරසය අපිට සමීප වූයේ ඇයි?

2020 ජනවාරි මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වල නව ප්‍රභේදයක් හඳුනා ගන්නා ලදී:
2019 නවක කොරෝනා වයිරස් (2019-nCoV) ලෙස චීනයේ ව්‍යාප්ත විය. ජනවාරි අග වන විට, චීනයේ තහවුරු වූ රෝගීන් 300 ක් සහ මරණ සංඛ්‍යාව තවමත් ඉහළ යමින් පවතී. ගුවන්තොටුපල සංවේදක දර්ශක මගින්, සංචාරකයෙකු පළමු හදුනා ගැනීම එක්සත් ජනපදයෙන් වාර්ථා විය.
මේ වනවිට ඉන්දියාව සිංගප්පූරුව ආක්‍රමනය කරමින් පවතින අතර ලංකාව ආක්‍රමනය කිරීමේ දැඩි අවදානමක් ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේ කෙසේද?

බොහෝ කොරෝනා වෛරස් වෙනත් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් මෙන් පැතිරෙයි. ආසාදිත සතුන් මගින් ,පුද්ගලයින්ගේ කැස්ස සහ කිවිසුම් යාම මගින් පරිසරයට එකතුවන වෛරස මගින්, ආසාදිත පුද්ගලයෙකුගේ දෑත් හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන් හෝ ආසාදිත පුද්ගලයින් ස්පර්ශ කළ උපකරණ, වැනි දෑ ස්පර්ශ කිරීමෙන් ‍කොරෝනා වෛරසය පැතිරේ.

වෛරසයෙන් අපට වන හානිය

කොරෝනා වයිරස් යනු ඔබේ නාසය, කෝටරාභ හෝ උගුරේ ආසාදන ඇති කරන පොදු වෛරසයකි. බොහෝ කොරෝනා වෛරස් භයානක නොවේ.

බොහෝ විට කොරෝනා වයිරසය නාසය සිර වීම , කැස්ස සහ උගුරේ අමාරුව වැනි upper respiratory infection symptoms ඇති කරයි.
විවේකයෙන් තැබීම හා සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව, ඉක්මන් ප්‍රතිකාර ලබා දීම කළ යුතුය. කොරොනා වයිරසය ළමුන් අතර මැද කණ ආසාදන ද ඇති කළ හැකිය.
නමුත් කොරෝනා වෛරස් ආසාදනය Lower respiratory tract infection (පෙනහළු) පැතිරී ගියහොත්, එය නියුමෝනියාව ඇති කළ හැකිය, විශේෂයෙන් වයස්ගත පුද්ගලයින්, හෘද රෝග ඇති පුද්ගලයින් හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින්ට මරනීය විය හැක.

කොරෝනා වෛරස් ආසාදනය හදුනා ගන්නේ කෙසේද ?
මූලිකව ශරීරයේ උශ්නත්වය ඉහල යන අතර (උණ), විදේශ වලින් පැමිනෙන අය ගුවන් මගී පර්යන්තයේදී උණ සදහා මූලික පරීක්ෂණය සිදු කෙරේ.
උණ පවතීනම් ආසාදිතයා වෙන් කර පරීක්ෂණ ආරම්භ කරයි.
කොරෝනා වෛරසයකින් ආසාදනය සිදුවී ඇත්දැයි සොයා බැලීමට නාසයේ Swab ලබා ගැනීම සහ Nasopharyngeal aspirates ලබා ගෙන Real time PCR මගින් හදුනා ගත හැකිය. උගුර ආසාදනය සහ රුධිර පරීක්ෂණ ලබා ගත හැකිය, රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන ආකාරය වෙනස් නොවන අතර එය සාමාන්‍යයෙන් දින කිහිපයකින් පහව යයි.

ආසාදනය තහවුරු වුවහොත්
මූලිකව සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කරන ආකාරයටම කොරෝනා වෛරස් ආසාදනයකට ප්‍රතිකාර කරයි:

විවේක ගැනීම,
දියර පානය කිරීම,
උගුරේ අමාරුව සහ උණ සඳහා ඖෂධ භාවිතය මගින්.
නමුත් 19 ට අඩු ළමයින්ට හෝ යෞවනයන්ට ඇස්පිරින් ලබා නොදෙයි.
ඒ වෙනුවට ඖෂධ භාවිතා කරයි.( ඖෂධ අවභාවිතාව අවම කිරීමට ඖෂධ නාමයන් සමාජ මාද්‍යයේ නොයෙදීමට කටයුතු කර ඇතිබව කාරුණික සලකන්න)
උගුරේ අමාරුව සමනය කිරීමට ආර්ද්‍රතාකාරකයක් හෝ steamy කළ හැකිය.

කොරොනා වෛරසයට කුමක් කළ යුතුද?
කොරෝනා වයිරස් සඳහා එන්නතක් නොමැත. කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා, සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීම සඳහා ඔබ කරන දේම කල හැක.

සබන්යොදා හා උණුසුම් ජලය මගින් හෝ ඇල්කොහොල් මගින් අත් සෝදා ගත හැකිය.
සබන් යෙදීමෙන් වෛරසයේ කවරය විනාශ කිරීම මගින් වෛරසය විනාශ කල හැක.
ඔබේ අත් සහ ඇඟිලි ඔබේ ඇස්, නාසය සහ මුඛයෙන් ඈත් කර තබන්න.
ආසාදිත පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න.
කොරෝනා වෛරසය ආසාදනය සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියෙකුට බරපතල තර්ජනයක් නොවේ.
ඔබ අසනීප වුවහොත්, ඔබේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කර ඔවුන් නරක අතට හැරේ නම් හෝ නොයන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

වර්ථමාන ලංකාවේ තත්වය
මේ වන විට මෙම වෛරසය ආසාදිත බවට සැක කල විදේශීය අවු. 71 පුගලයකු හා ලමයකු පිලිබඳව කොලඹ වෛද්‍ය පර්යේෂණායතනය මගින් පරීක්ෂණ කටයුතු සිදුකර ඇත. එහිදී කොරෝනා වෛරසය සදහා හොදම නිදර්ශකය ලෙස ලබාගත් Nasopharyngeal aspirates වල මෙම වෛරසයේ RNA සදහා සිදුකල Real time PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය නොමැති බව සනාථ වී ඇත.

ආසාදන තත්වයක් ඇති වුව හොත් මුල්ලේරියාව වසංගත රෝග පිලිබඳ රෝහල (IDH) සූදානමින් පවතී.
සෙනග ගැවසෙන ස්ථාන වලින් බැහැර වීම, සනීපාරක්ෂක ක්‍රම භාවිතය, සබන් යොදා සේදීම් සිදු කිරීම, මාස්ක් භාවිතය මගින් අපිට ආරක්ෂා විය හැක.
අවදානමට පෙර සූදානම් වෙමු.
වෛරස් ආසාදනවලින් මිදීමට ,
ඔබගේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමට කලහැකි පහසුම දේ..දිනකට සුදර්ශන පෙති දෙක බැගින් මඳ උණුසුම් වතුරින් ගන්න. දරුවකුටනම් දිනකට එක පෙත්තක් දෙන්න ( ඕනෑම ආයුර්වේද ඖෂධ වෙලඳසැලකින් හෝ ෆාමසි වලින් ලබා ගත හැකියි … ) අවශ්‍ය නම් ඔබගේ අයුර්වේද වෛද්‍ය වරයාගෙන් උපදෙස් ලබා ගන්න .
පෝෂ්‍ය දායී නිවසේ සකස් කල ආහාරවේලක් ගන්න ( දිනකට අමු රතු ළූණූ ගෙඩි දෙක තුනක් ආහාරයට ගන්න , ගොටුකොල ,කිරි අගුණ ,අමු සළාද වර්ග , පොලොස් වැඩිපුර ආහාරයට එක්කරන්න )
හොඳින් ජලය පානය කරන්න
නෙල්ලි රසකිඳ තම්බා පානය කරන්න .මේ මගින්ද ප්‍රතිශක්තිකරණය ඉහල නංවා ගත හැක
නිවස හෝ ඔබගේ ආයතන දිනපතාම විෂබීජ හරණයට දුම් අල්ලන්න ( ගුගුල් ,අගිල්, වියලි කොහොඹකොල , ජඨාමාංස, සුවඳ කොට්ටන් , පෙරුම්කායම් කුඩු , වෙනිවැල්ගැට , තුලසි )
හොඳින් හිරු එළිය ලැබෙන සේ නිවසේ හෝ ආයතනයේ දොර ජනෙල් ඇර තබන්න.
ආගමානුකූලව වත් පිලිවෙත් කරන්න .සිත නිදහස් කොට යහපත් මානසික තත්වකයක් පවත්වා ගන්න. (Meditation )
යෝග අභ්‍යාසවල යෙදෙන්න , හොඳින් හුස්ම ගන්න ( ප්‍රාණායාම විශේෂයෙන්ම )
පිරිසිදු වාතාස්‍රය ඇති තැන් වල ඔබගේ නිදහස් විවේක කාලය ගත කරන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!