Gossip

කොරෝනා රෝගීන් ගෙනගිය බසයෙන්, බුලත් කෙළ පහරක් ඇගට වැදුණු යතුරුපැදිකරුගේ පවුලම නිරෝධායනයට

කොවිඞ් ආසාදිතයන් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසීම නිසා මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවකු සහ ඔහුගේ නිවසේ අය පෙරේදා  (19 දා) පස්වරුවේ සිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

බළන්ගොඩ ප‍්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවකුට බස් රථයක් තුළ සිටි අයකු ගැසූ බුලත් කෙළ වැටීම නිසා කෝපයට පත් යතුරුපැදිකරු එම බසය නවත්වා බස් රථයට ගොඩවී බැණ වදින විට එම බසයේ ගමන් කරමින් සිටිනුයේ කොවිඞ් ආසාදිතයන් පිරිසක් බව දැනගෙන තිබේ.

බළන්ගොඩ වටවල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කොවිඞ් ආසාදිතයන් පිරිසක් මෙම බසයේ ගමන් කර ඇත.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය අනුව බළන්ගොඩ මැදකන්ද ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

ගමනක් යමින් සිටියදී තම කමිසයට බුලත් කෙළ වැදීම නිසා අපහසුතාවට පත්වූ බැවින් එම බසය පසුපස ගොස් යතුරුපැදිය හරස් කර බසය නැවත්වූ බවත්, ඒ අවස්ථාවේදී ඇතිවූ කෝපය හේතුවෙන් තමා එසේ කළ බව සිද්ධියට මුහුණදුන් පුද්ගලයා පවසා තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!