Gossip News

කොරෝනා බව සැක 16දෙනෙක් ශ‍්‍රී ලංකාවේ… අයි.ඞී.එච්. ප‍්‍රතිකාර ගන්න 4දෙනෙක් ශ‍්‍රී ලාංකිකයෝ

නව චීන කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැක කෙරෙන 16 දෙනකු ඊයේ (31 දා* දහවල් වනවිට ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගෙන් 08 දෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

තවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන දෙදෙනෙක්, රත්නපුර මහ රෝහලේ ද පස් දෙනෙක්, මහනුවර රෝහලේ ද එක් අයකු, කරාපිටිය ශික්ෂණ රෝහලේ ද ප‍්‍රතිකාර ලබමින් සිටියහ. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප‍්‍රතිකාර ලබමින් සිටින සැකසහිත රෝගීන් 08 දෙනාගෙන් 04 දෙනකු ශ‍්‍රී ලාංකිකයන් වන අතර සෙසු 04 දෙනා චීන ජාතිකයෝ වෙති. මෙම සැකකටයුතු රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂාව සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති අතර දැනට ලැබී ඇති සාම්පල අනුව කිහිපදෙනකු එම වෛරසයෙන් ආසාදිත වී නොමැති බව තහවුරු වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ බවට තහවුරු කර ඇත්තේ එක් අයකු පමණක් වන අතර එම චීන ජාතික ආසාදිත කාන්තාව මේ වනවිට බෝවන රෝග විද්‍යායතනයේ සුවය ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!