Gossip

කොරෝනා පැටවු ගැසු සුදුවැල්ල සුද්ද කල මෙහෙයුම

ඇදිරි නිතියද රටේ නිතීයද ඉතා සුලූ‍ කොට තකමින් ඇදිරි නිතිය තුට්ටුවකට මායිමි නොකොට මත් ද්‍රව්‍ය මිලදි ගන්න මුදල් සොයා ගන්නට පසුගිය පස්වෙනි දින පමුණුගම ප‍්‍රදේශයේ ගෙයක් බිඳ ප‍්‍රදේශ වාසින්ගෙන් නොසෑහෙන්න පහර කා පොලිසියට කෙටුවුණ ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ වයස 28 ක කුඞ්ඩෙක් රාගම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් සුදුවැල්ල පමණක් නොව ඊට යාබදව පිහිටි ජාඅල නගරයම කොරෝනා වෛරස බියෙන් තැති ගැන්මට පත්විය.

ඒ තැති ගැන්ම සෞඛ්‍ය බලධාරින්ට තුන් හතර ගුණයකින් වැඩිවුයේ මේ කොරෝනා ආසාදිත සැකකාරයා සුදුවැල්ල ගමේ පමණක් නොව ජාඇල නගරයේද නගරයෙන් එපිට කොළඹ ප‍්‍රදේශයේ ගුණසිංහපුර; වේල්ල වීදිය; ග‍්‍රෑන්ඞ්පාස් සහ නාගලම් වීදිය පුරාද පසුගිය දින කිපය තුළ හොද හැටි කරක් ගසා ඇති බව තහවුරු විමෙන් පසුවය.

ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශය 2000 වැඩි ජනකොටසක් ජීවත් වන ජාඇලට ඉතා ආසන්නව පිහිටා ඇති අඩු ආදායම්ලාභීන් බහුතරයක් ජීවත්වන ග‍්‍රාමයෙකි. නිවෙස් 300කින් පමණ සමන්විත ගමේ වැඩි දෙනෙක් රැකියාව වශයෙන් කරන්නේ දවසේ වැටුපට කරන කුලී වැඩය. කුලියක් මලියක් සොයා ගැනිමට ඔවුන් නිතරම එන්නේ ජාඇල නගරටය. ඒ අතරම සුදුවැල්ල ප‍්‍රදේශය මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් සහ සුලූ‍ පරිමාණයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින පෙදෙසක් ලෙස ජාඇල පමණක් නොව ජාඇලින් පිට නගර වලද ප‍්‍රචලිතව ඇත. ජාඇල පොලිසියේ පොලිස් පොතේ හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය විකිණිමේ හා ලග තබා ගැනිමේ හා භාවිතා කිරීමේ චෝදනාවලට සැකකරුවන් හැටියට පොලිස් පොතේ 99% නම් ලියවී ඇත්තේ සුදුවැල්ල පදිංචි පුද්ගලයන්ගේ බව ජාඇල පොලිසියේ ස්ථානාධිපති නිලන්ත බන්ඩාර මහතාද පවසා සිටියා.

සුදුවැල්ල ගමෙන් හමුවු පලමු කොරෝනා ආසාදිතයා දැඩි ලෙස මත්දව්‍යයට ඇබ්බැහිවුන කුඞ්ඩෙකු විමත් පසුගිය දිනවල ඔහුගේ ආගිය තැන් හා කල්ක‍්‍රියාවත් හදුනා ගැනිමෙන් පසු ඉදිරියේදි උදාවිය හැකි බරපතල අවදානම් තත්ත්වය අවබෝධ කරගත් ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් ජාඇල නගර සභාව හා එක්ව ශබ්ද විකාශන යන්ත‍්‍ර පාවිච්චි කරමින් කෙරෝනා ආසාදිතයා සමග සමීප සම්බන්ධතා පැවත්වුවන් නිරෝධායනයට යොමු කිරිම බලවත් උත්සහයක් දැරිය.

කෙරෝනා ආසදිත කුඞ්ඩා සමග සමීප සබදතා පැවැත්වුන් අතරින් බහුතරයක් කුඞ්ඩන් විම නිසා බොහෝ දෙනෙක් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මායිම් නොකොට නිරෝධායනයට ලක් නොවි කට්ටි පනින්න පටන් ගත්තේය. මේ තත්ත්වය නිසා සුදුවැල්ල මෙන්ම ඊට යාබද ජාඇලටද මහත් අවදානම් තත්ත්වයක් උදාවිය.

මේ අවස්ථාවේ ප‍්‍රදේශයේ කෙරෝනා වෛරසය පැතිරයෑම වැළැක්විමට මහත් පිටු වහලක් වෙමින් නාවික හමුදා සහ යුද හමුදා බුද්ධි අංශය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සුදුවැල්ල ප‍්‍රදේශය සහ ඒ අවට තවත් ගම්මාන කිපයක් තුළ කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුරු කලවුන් සොයා පසුගිය 9 දින සිදුකළ පළමු මෙහෙයුමේදි තම භාරයට ගෙන ඔලිවිල් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කල පුද්ගලයන් 28 දෙනාගෙන් සය දෙනෙකුම කොරෝනා ආසාදියන් බවට තහවුරු විය. ඒ අතරම සුදුවැල්ල ගමේ නිරෝධායනයට ලක් නොවි සිටි කාන්තාවක් ඇතුලූ‍ තවත් පුද්ගලයෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියේදි රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව කෙරෝනා ආසාදිතයන් බවට තහවුරු විමෙන් අංගොඩ අයි.ඞී.එච් රෝහල වෙත යැවිමට කටයුතු යොදා තිබුණි.

කෙරෝනා වෛරසයෙන් ගිනි ගත් ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් හමුවු කෙරෝනා ආසාදිතයන් ලගින් ඇසුරු කරුවන් සොයා නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරින්ගේ මෙහෙයුම් මේ වන විටත් කරගෙන යමින් පවති. මෙම මෙහෙයුම් වල ප‍්‍රථිපලයක් වශයෙන් අද වන විට ප‍්‍රදේශයේ පුද්ගලයින් 129 දෙනකු ඔල්විල්-නච්චි කුඩා-මුලන් කෝවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කොට තිබෙන අතර ඉන් ඔලිවිල් නිරෝධායනය මධ්‍යස්ථානයට ජාඇල සුදුවැල්ලෙන් යොමු කළ සිටි පිරිසෙන් තවත් තුන් දෙනෙකු කොරෝනා ආසාදියන් බවට ඉකුත් 18 දින තහවුරු වු බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.ඞී.ජයකොඩි මහතා පවසා සිටියා.

ජාඇල නගර සභා බල ප‍්‍රදේශයට අයත් සුදුවැල්ල කොට්ඨාසයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වි ඇති බවත් ඔවුන් සියලූ‍ දෙනා සුදුවැල්ලෙන් සොයා ගත් පලමු කොරෝනා ආසාදිතයා සමග ඉතා සමීප සබදතා පැවත්වු අය බව අනාවරණය වී ඇති බව ජාඇල නගර සභාවේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂ අනුර අබේරත්න මහතා පැවසුවා. ඒ අතර නාවික හමුදා බුද්ධි අංශය විසින් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ පිරිසට අමතරව සුදවැල්ල ප‍්‍රදේශයේ නිවෙස් 160 ක 500කට ආසන්න පිරිසක් තම නිවෙස් වලම නිරෝධායනය සදහා යොමු කොට ඇති බවත් ඔහු පවසා සිටියා.

ජාඇල නගරාධිපති ශම්මික ඩයස් මහතා පවසා සිටියේ කලෙක සිටම පොලිසියෙන් ලැබුන වාර්තා අනුව ජාඇල නගර සභාවට අයත් සුදුවැල්ල ප‍්‍රදේශය ගැන මට දැනගන්නට ලැබුනේ සුදුවැල්ල මත්කුඩු භාවිතය ඇතුලූ‍ නොයෙක් දුසිරිත් වලින් පිරි ගමක් හැටියට. සුදුවැල්ල ප‍්‍රදේශයේ තරුණයෙක් සොරකමේ ගොස් පමුනුගම පොලිසියට කොටුවෙලා පසුව එම තරුණයා කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු බව දැනගත්තාම මට තොරතුරු ලැබුනා සිද්ධියට සම්බන්ධ මේ තරුණයාත් දැඩි ලෙස මත්ද්‍රව්‍යට වලට ඇබිබැහි වුවෙක් බව. ඒ විතරක් නොවෙයි ඒ වන විටත් ඔහු වගේම කුඞ්ඩන් රැසක් සමග සමිප ඇසුරුකම් පවත්වා ඔවුන් සමග ගම වටේම කරක් ගසා ඇති බව. කඩිනමින් මම ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණියගේ ප‍්‍රධානත්වයෙන් ඇගේ කාර්යාලයේ පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විමක් කැඳවා සුදවැල්ල ගම වහාම ලොක්ඩවුන් කරලා ගම්මානයම හුදකලා නිරෝධායනයට ලක්කරලා සුදුවැල්ල මෙන්ම ජාඇල නගරයට කෙරෝනා වසංගතය පැතිර යෑම වලක්වා ලිමට පියවර ගන්නා ලෙස වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියා. බලධාරින් මා ගත් ඒ තිරණය කඩිනමින් ක‍්‍රියාත්මක කිරිමට අපොහසත්වුන නිසා සුදුවැල්ල නිවාස ආශ‍්‍රිතව කොරෝනා වෛරසය ආසාදනය විමේ අවදානම වැඩිවෙලා තියෙනවා .ඒ අතරම සුදවැල්ල පලමු කොරෝනා ආසාදිතයා සමිප සම්බන්ධතා පැවත්වු වැලිසර, රාගම සහ කොළඹ වැනි ප‍්‍රදේශ වල පුද්ගලයින් කිප දෙනකුත් කොවිඩි 19 වෛරසයට ගොදුරු වෙලා තියෙනවා කියලා මේ වන විටත් වාර්තා ලැබිලා තියෙනවා.

වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා මෙසේ පැවසිය සුදුවැල්ල පදිංචිකරුවෙකු වු සොරකමේ ගොස් පමුනුගම පොලිසියට කොටුවුන සැකකරු කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් පසු මට පමුනුගම පොලිසියේ එවලේ රාජකාරි කළ පොලිස් නිලධාරින් 10 දෙනෙකුද සැකකරු අල්ලා පොලිසියට භාරදුන් පිරිස පදිංචි ගෙවල් 10 කින් සමන්විත දෑලතුර නවෝධ්‍යා මාවතද හුදකලා කොට 60 පිරිසක් නිරෝධායනයට යොමු කරන්න සිදුවුනා.

මෙම කෙරෝනා ආසාදිතයා සමග ඉතාමත් ලගින් ඇසුරු කර සිටි වැලිසර ලය රෝහලේ පිරිසුදු කිරිමේ අංශයේ වැඩකල තවත් අයෙක් නාවික හමුදාව විසින් ඔලිවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටියේදි එම තැනැත්තා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විමෙන් පසු එම තැනත්තා ලගින් ඇසුරු කල ලය රෝහලේ පිරිසිදු කිරිමේ අංශයේ 24 දෙනකු සහ එම කොරෝනා ආසදිතයා රාජකාරි කළ වාට්ටුවේ හෙදියන් සතර දෙනකු සහ සුලූ‍ සේවකයන් දෙදනෙකුද කටුනායක හා මිගමුව ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකකටද යොමු කිරිමට සිදුවුනා.

වත්මන් තත්ත්වය නිසා සුදුවැල්ල ප‍්‍රදේශවාසින් ගැටලූ‍ රැසකට මුහුණපා ඇත. අද සුදුවැල්ල ප‍්‍රදේශයේ තමන්ගේ හිතු මතේට කිසිවෙකුට ගමෙන් එලියට ආ නොහැක පිටතින්ද කිසිවෙකුට හිතුමතේ ගමට ඇතුල් විය නොහැක. ගම ඇතුලත මෙන්ම පිටතද ආරක්ෂාව තහවුරු කර ඇත. බුද්ධි අංශ තවමත් විමසිල්ලෙන්ය.

ඇදිරි නීතිය වෙලාවේ ජංගම වෙළෙදාමේ යෙදිමට අවසර ඇති පවා සුදුවැල්ලට ඇතුලූ‍ විමට බියෙන් පසුවෙති. ඒ කොරෝනා වෛරසයට ඇති බිය නිසාය. සුදුවැල්ල ප‍්‍රදේශවාසින් පවසන්නේ කොළඹ මරදානෙන් සහ කෙසෙල්වත්ත වැනි ප‍්‍රදේශවලින් පැමිණ සුදුවැල්ලේ පදිංචිව සිටින කුඞ්ඩන් 40 ක් 50 නිසා සුදුවැල්ලේ හැමෝම කුඞ්ඩන් වශයෙන් හංවඩු ගැසි ඇති බවය.

අද තමන්ගේ පිහිටට ඉන්නේ සුදුවැල්ල මරදමඩු කතෝලික දේවස්ථානයේ ප‍්‍රධාන පියතුමන් ඇතුලූ‍ කිහිප දෙනෙක් පමණක් බවය. තම දරු පවුල් රැකගෙන ජිවිතය පවත්වාගෙන යාමට විශාල අභියෝගයක් පවතින මේ මෙහොතේ පල්ලියෙන් ලැබෙන ආධාර උපකාර වල වටිනාකම වචනයෙන් කිව නොහැකි බව ඔවුහු පවසා සිටිති.

බී.ටි.කේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!