Gossip

කොරෝනා නීති කඩ කළ මහාචාර්ය හූල්ට නඩු

නිරෝධායන පනත උල්ලංඝනය කළේ යැයි කියන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඇගේ දියණියට එම පනත යටතේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේ දී නිරෝධායන පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.

මෙම පනත යටතේ වැරදිකරුවකු වුවහොත් රුපියල් දස දහසක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඉහත දඬුවම් දෙකටම යටත් විය හැකිය.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය මීගමුව ප‍්‍රදේශයේ හෝටලයකදී දින 14ක නිරෝධායනයට ලක් වී නල්ලූර්හි චෙම්මිණි පාරේ පිහිටි ඇගේ නිවසේ තවත් දින දාහතරක් නිරෝධායනයට ලක් විය යුතුව තිබුණ ද ඇය පසුගිය 19 වැනිදා සිය පියා සමග මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබිණි.

එහිදී මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට සහ ඇගේ දියණියට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ විරෝධය එල්ල විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!