Gossip

කොරෝනා නිසා රැකියා අහිමි වූවන්ට නව රැකියා

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයන්ට මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හරහා නව රැකියා ලබාදීමට කටයුතු කරන බව නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන පැවැසීය.

දැනටත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වඩාත් සක්‍රීය කර නව තත්ත්වයන් සඳහා මුහුණ දීමට මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් වයිරසය ව්‍යාප්තියත් සමගම රැකියා අහිමි වන පුද්ගලයන්ට මෙම දෙපාර්තමේන්තුව හරහා රැකියා අවස්ථා සම්පාදනය කිරීමට මැදිහත් වෙන්න අපිට පුළුවන්. මේ අය කොහොමත් වෘත්තීය පුහුණුවක් තියෙන නිපුණතාවක් සහිත පුද්ගලයන් නිසා ඔවුන්ට රැකියා ලබාදීම පහසුවෙයි කියලා අපි විශ්වාස කරනවා.

කොහොම වුණත් මේ තත්ත්වය යටතේ කිසිදු සේවකයකුට රැකියා අහිමි වෙන්න ඉඩ තියන්නේ නැහැ. සේවක සේව්‍ය දෙපාර්ශ්වය සමග මැදිහත්කරුවකු ලෙස සම්බන්ධ වෙමින් දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි අවසන් මොහොත දක්වා උපරිමයෙන් මැදිහත් වෙනවා.

රැකියා අහිමි වීම් හෝ වැටුප් සම්බන්ධ ගැටලු පවතින පෞද්ගලික අංශයේ සේවකයන්ට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත කම්කරු නිලධාරීන්ට මෙන්ම සෘජුවම ප්‍රධාන කාර්යාලයටද සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!