Gossip News

කොරෝනා, කොරියාවත් ගිලගනී

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.
දකුණු කොරියානු බලධාරීන් ප‍්‍රකාශ කළේ සෙනසුරාදා (22දා) දිනයේ පමණක් නව කොරෝනා අසාදිතයන් 229 දෙනකු සොයා ගත් බවයි.
ඒ අනුව එරට වැසියන් 433 දෙනකුට මේ රෝගය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් ගණන 78,000 ඉක්මවා තිබෙනවා.
ඒ අතරින් ආසාදිතයන් 77, 000 කට වැඩි පිරිසක් චීනයෙන් හඳුනාගෙන ඇති අතර වෙනත් රටවලින් වාර්තා වන ආසාදිතයන් ගණන 1,500 කට අධික වේ.
වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන 2460 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!