Gossip

“කොයි පැත්තකින් වුණු වැරදීමක්, කොයි පැත්තකින් වුණු නොදැනුවත්කමක් ඒ ආදරය නැතිවෙන්න හේතු වුණාද කියල මම දැන් හිතන්නෙ නැහැ.”

ජනප‍්‍රිය රංගන ශිල්්පිණී දුලානි අනුරාධා ඇගේ දිවිය හා බැඳුණ ආදර මතකසටහන් හා ඇයගේ ආදරබර අපේක්ෂාව ගැන සතිඅන්ත පුවත්පතකට හෙළි කරලා තිබුණා.
බලන්න ඔබගේ දිවියට සේම ඔබ ආදරය කරන දුලානිගේ දිවියටත් ආදරය කර ඇති බලපෑම කොතරම් ද කියලා.

දුලානි ඔබේ දිවියට ලැබෙන ආදරය දැන හඳුනාගත්තෙ කොහොමද?
මම ආදරය දකින්නේ එක අයකුට පමණක් දෙන්න හෝ එක් අයකුගෙන් පමණක් ලබන්න පුළුවන් දෙයක් විදිහට නෙවෙයි.
උදාහරණයක් විදිහට අපි මුලින්ම ලබන්නෙ දෙමවුපියන්ගෙ ආදරය. අපි තරුණ වියට එළඹිලා මොන තරම් ආදරය කරන කෙනෙක් එක්ක විවාහ වුණත් දෙමවුපියන්ගෙ ආදරයත් අපිත් එක්ක තියෙනවනෙ. ඔය විදිහට අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් හිත මිතුරන් අපිට ආදරය කරන අනිකුත් අය මේ හැමෝම වෙනුවෙන් අපේ හිතේ ආදරයක් උපදිනව සහ අපි ඔවුන්ගෙන් ආදරය ලබනව.

රැකියාව අධ්‍යාපනය ජීවිතයේ පවතින අනිකුත් බැඳීම් අතරින් තම පෙම්වතාට හෝ සැමියාගේ ආදරය තවත් එක දෙයක් විදිහටද දුලානි සළකන්නෙ?
ආදරය කියන එක ජීවිතයේ එක දෙයක් විතරයි කියන එක මට දැන් වැටහෙනව. නමුත් මගේ නව යොවුන් වියේදි මම ඒක අත්දැක්ක විදිහ වෙනස්. වයසින් මුහුකුරා යනකොට ආදරය කියන්නෙ එක දෙයක් විතරයි කියල මම දැන් හිතනව. හැබැයි ඒ එක දේ ජීවිතයේ හරියට තියෙන්න ඕන.

හා හා පුරා කියල ආදරයක් හිමිවුණහම ඒ ආදරය ජීවිතය තරම්ම කියල දැනුණද?
පාසල් වියේ අවසන් කාලෙ මමත් පළමු ප්‍රේමයේ අත්දැකීම වින්දා. ඒක බැ?රුම් විදිහට ජීවිතයට බලපෑමක් ඇති කළ අත්දැකීමක් නෙවෙයි. පාසල් වියේ බොළඳත්වය, සුන්දරත්වය, සරල බව එතන තිබුණා. ඒක හරිම සුන්දර මතක සටහනක්.

අන් යුවතියන් සේම දුලානිත් ආදර විරහව ඉදිරියේ ක`දුළු හලල තියෙනවද?
මම ආදරය කරල තියෙනවා. මට ආදරය දැනිල තියෙනව. විරහ වේදනාව විඳල තියෙනවා. කොයි පැත්තකින් වුණ වැරදීමක්, කොයි පැත්තකින් වුණ නොදැනුවත්කමක් ඒ ආදරය නැතිවෙන්න හේතු වුණාද කියල මම දැන් හිතන්නෙ නැහැ. මේ සමාජයේ ආදරය නිසා විරහ වේදනාවක් නොලබපු කෙනෙක් නැති තරම්නෙ. නමුත් අපේ අම්මලගෙ තාත්තලගෙ කාලවල ආදර බැඳීම් හරිම ස්ථාවරයි. දැඩියි. මේ කාලය වෙද්දි අපිට කෙනෙක් ආශ‍්‍රය කරලා ඒ කෙනා ජීවිතයට නොගැළපෙනව කියල හිතෙනව නම් එයා හැරයනව. අද සමාජයේ සිතුම් පැතුම් හරිම වේගවත්ව වෙනස් වෙනව. වේගයෙන් තීරණ ගන්නව. වේගවත්ව ළං වෙනව වගේම වේගයෙන් ඈත් වෙනව. අවබෝධයෙන් කෙනෙක් දිහා බලල එයාගෙ වටපිටාව මොක්කද එයා මොනවද කරන්නෙ කියන මේ කිසිදෙයක් බලන්නෙ නැතිව ආදර සබඳතා පටන් ගන්නෙ. මිනිසුන්ගෙ වරදක් නෙවෙයි, සමාජයේ ඇතිවෙලා තියෙන සංකීර්ණත්වය නිසයි.

ඔබේ අත්දැකීමට අනුව ආදරයෙන් පැරදුණ කෙනෙක් ඒකට මුහුණ දිය යුත්තේ කොහොමද?
මම ආදරයෙදි හරිම සංවේදියි. ආදරය නිසා මම හොඳට දුක් වි`දල තියෙනව. හැබැයි වැදගත් වෙන්නෙ ඒ දුක දරාගෙන ජීවිතයට මුහුණ දෙන්න කොතරම් දුරට ශක්තිය තියෙනවද කියන එකයි. ආදරයක් බි`දුනම ඒ මත්තෙ නැහිලා ජීවිතයේ සියලූ බලාපොරොත්තු බිඳ ගන්නවට වඩා ඒකට මුහුණ දීලා ජීවත් වෙන්න තරම් කෙනෙක් ශක්තිමත් වෙන්න ඕනේ. මමත් ආදරයේ ඔය කියන සියලූම දේවල් දරාගෙන තවමත් තනිකඩව ජීවිතයේ ඉදිරියට පියමං කරනව.

ඔබ විවාහය ප‍්‍රතික්ෂේප කරන තරුණියක්ද?
ගැහැණියකට තනියෙන් ඉන්න පුළුවන්කම ඇති. නමුත් ගැහැණියක් කියන කෙනා විවාහ විය යුතුයි කියන මතයෙයි මම ඉන්නෙ.
ගැහැණියක් පරිපූර්ණ වෙනව විවාහයත් එක්ක. මම හුදකලා වෙන්න කැමති නැති කෙනෙක්. මම කැමති ජීවිතය තියෙන තුරාම ආදරයත් එක්ක ජීවත් වෙන්නයි.
මං ගැන හොයන මං ළඟින් ඉන්න, මට කරුණාවෙන් කතාකරන, මගේ දුක සැප බලන කෙනෙක් මං ළඟින් ඉන්නවට මම කැමතියි.
මගේ මොකක් හෝ දෙයක් නිසා මට තවම එහෙම කෙනෙක් මුණගැහිලා නැහැ.

දුලානිගේ හිත ආදරයකට විවර වෙන්නෙ?
ආදරය කියන දේ ඇතිවෙන්නෙ ක‍්‍රමානුකූලව. ඒකට කාලයක් අවශ්‍යයි.
ඒ කාලය අරන් අපේ හිතේ ආදරයක් ගොඩනැගුනොත් ඒ සබඳතාව බොහෝ දුරට නිවැරදි වෙන්න පුළුවන් කියල මම හිතනව. පැළයක් වුණත් ඒක වැඩිලා මල් හැදිලා ගෙඩියක් කඩාගෙන කන්න ලොකු කාලයක් ගතවෙනවා.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!