Gossip

කොච්චර කැපිලි කෙටිලි ආවත් ටීන ෂනෙල්ගේ ගමන නතර කරන්න කාටවත් බැහැ – Photos

මම මුලින්ම සම්බන්ධ වුණේ නිරූපණ කේෂ්ත්‍රයට. නමුත් දැන්නම් නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ මඩ ගොඩක්.

වෘත්තීය මට්ටම තුට්ටු දෙකට ගිහින්. හොඳ නිර්මාණ කරනවා වෙනුවට ගොසිප් එකක් දාගෙන හොඳින් හෝ නරකින් ජනප්‍රිය වෙන්නයි හැමෝටම ඕන… මේ ද්වල් ගැන කල්පනා කරනකොට කේෂ්ත්‍රය ගැන තියෙන්නේ කලකිරීමක්. කෙහොමත් කේෂ්ත්‍රයට ආපු දවසේ ඉඳලම මේ කලකිරීම මට තිබුණා.

නිරූපිකාවක්, ටෙලිනාට්‍ය නිළියක් හා සිනමා නිළියක් ලෙස මම ඉස්සරහට ආපු ගමනේ මගේ කකුළෙන් අදින්න බලාගෙන උන්න අය නිසා මම බොහෝ අවස්ථාවල හිත රිදව ගත්තා. මම මගේ පාඩුවේ හුඟක් හිමින් ගමනක් ආපු කෙනෙක්. අනිත් අයගෙන් උදව් නොඉල්ලන නිසා වෙන්න ඇති ගොඩක් තැන්වල මාව කැපෙන්නේ.

හුඟක්ම හිතට දුක මට කැපිලි කෙටිලි දාන්නේ හැමෝම වගේ කාන්තාවන්. පිරිමි අයට වඩා ගැහැනු අය මට ඊර්ෂ්‍යා කරනවා කියලා මම දන්නවා. ඒක මම හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ.

මම දන්නවා මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නොවේ. කතා නොකළට අනිත් අයටත් මේ ප්‍රශ්නය තියෙනව.

නමුත් කොච්චර කැපිලි කෙටිලි ආවත් ටීන ෂනෙල්ගේ ගමන නතර කරන්න කාටවත් බැහැ. මොකද මම කෙළින් වැඩ කරන නිසා මට ලැබෙන අවස්ථාව කාටවත් උදුරගන්න බැහැ. කෙළින් වැඩ කරන අය මට අවස්ථාව දෙයි. ඒක නිසා බොහෝම කලකිරීමෙන් මම තව සැරයක් කියන්නේ දැන්වත් මට ඊර්ෂ්‍යා කරන එක නතර කරන්න. මඩ ගහන එක නතර කරන්න. මොකද කවුරු මොනව කිව්වත් මගේ ගමන මම යනවා.

 

          

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!