Gossip

කෙල්ලන්ගේ නමින් බුකියට ඇවිත් කොල්ලන්ව නිරුවත් කරලා කප්පම් ඉල්ලන අලුත්ම ජාවාරම මෙන්න

ගිම්හාන මොරටුව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසි එකකි. අවිවාහකයෙකි. රැකියාව සිදු කළේ කොළඹ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයකයි.
ඒ තොරතුරු තාක්ෂණ ශිල්පියකු ලෙයසි. අමල් කුඩා කල සිටම කැමැත්ත දැක්වූයේද තොරතුරු තාක්ෂණයටයි. එම නිසාම වන්නට ඇති ඔහු එම අංශයෙන්ම රැකියාවක් තෝරා ගත්තේ.
තොරතුරු තාක්ෂණයට දක්ෂයකු වුවත් ගිම්හානගේ පෞද්ගලික ජීවිතය එතරම් හොඳ එකක් නොවුණි. සුරාවට සහ කාන්තාවන්ට ඔහු දැක්වූයේ දැඩි ලොල්කමකි. දිනපතාම පාහේ මත්පැන් පානය කරන ඔහු ඉන් පසු ස්තී‍්‍ර පහස සොයා යයි. මාසික වැටුපෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඔහු වියදම් කරන්නේ ඒ සඳහාය.
කලක් එලෙස ගත විය. එන්න එන්නම ගිම්හාන එම නරක පුරුද්දට ඇබ්බැහිවීම වැඩිවිය. ඒ අනුව වියදම් වැඩිවීම නිසා මාසික වේතනයද ඔහුට මදිවිය.
එහි අවසාන ප‍්‍රතිඵලය බවට පත් වූයේ ඔහු ණයකාරයකු බවට පත් වීමයි.

‘‘මෙහෙම ගියොත් ණයවෙලා තමයි මැරෙන්න වෙන්නේ. ඒක නිසා ගේමක් ගහලවත් කීයක් හරි හොයාගන්න ඕනා. දැන් හම්බකරන පඩිය මදි ණය ගෙවන්න. මොකක්ද මම කරන්නේ. කොහොමද සල්ලි ටිකක් හොයා ගන්නේ.’’ ගිම්හාන නිතර පාහේ එලෙස කල්පනා කළේය.

එ් අතර දිනක් ඔහුට මෙලෙස සිතුණි.
‘‘කෙල්ලෝ කොල්ලන්ව රවට්ටලා කොච්චර සල්ලි හම්බකරනවද.? ඒක නිසා එහෙම ගේමක් ගහන්න ඕන. වැඩි කරදරයකුත් නැහැ. කිසි අවුලකුත් නැහැ. මේකට ටාගට් කරන්න ඕන ඉස්කෝලෙ යන කොල්ලන්ව’’එලෙස සිතු ගිම්හාන තම පළමු අදියර ක්‍රියාත්මක කළේය.. ඒ තරුණියකගේ නෙත්මි අයේෂා නමින් ෆේස් බුක් ගිණුමක් විවෘත කරමින්ය.

දින කිහිපයක් ගත විය. නෙත්මි අයේෂා නමැති ෆේස් බුක් ගිණුමට සතර දෙසින් මිතුරු මිතුරියෝ එකතු වූහ. විශේෂයෙන්ම මිතුරන්ය. ඒ සමගම ගිම්හාන තම මෙහෙයුම කි‍්‍රයාත්මක කළේය. පළමුව ඔහු බොරුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක සිසුවකු තෝරා ගත්තේය. නමින් ඔහු චමත්ය.

නෙත්මි අයේෂා නමින් පෙනී සිටි ගිම්හාන ෆේස් බුක් හරහා චමත් සමග මෙලෙස කෙටි පණිවිඩ හුවමාරු කර ගත්තේය.

නෙත්මි අයේෂා – ‘‘ හායි.’’
චමත් – ‘‘ හායි’’

නෙත්මි අයේෂා – ‘‘ ඔයා කොහෙද?. මොකද කරන්නේ.’’
චමත් – ‘‘ මම කොටා රෝඞ් එකේ ඉන්නේ. මේ පාර ඒ ලෙවල් කරනවා. ඔයා කොහෙද.?’’

නෙත්මි අයේෂා – ‘‘ මම ඉන්නේ නාවල. මම නම් රැකියාවක් කරනවා. එහෙනම් ඔයා මල්ලි කෙනෙක්. කමක් නැද්ද අක්කා කෙනෙක් එක්ක චැට් කළාට. අකමැතිනම් කියන්න.’’
චමත් – ‘‘ අනේ එහෙම එකක් නැහැ. මම කැමතියි අක්කලාට. මොකද අපේ පවුලේ අක්කා කෙනෙක් නැහැ.’’

නෙත්මි අයේෂා – ‘‘ එහෙමද? එහෙනම් අද ඉඳලා මම ඔයාගේ අක්කා කියලා හිතාගන්න.’’
චමත් – ‘‘ ඔයා ඇත්තටමද කියන්නේ .’’

නෙත්මි අයේෂා -‘‘ ඇයි බොරු කියන්නේ. මම ඇත්තට කියන්නේ.’’
චමත් – ‘‘ එහෙනම් අද ඉඳන් ඔයා මගේ අක්කා.’’

එදින පැය කිහිපයක් ඔවුන් බොහෝ තොරතුරු හුවමාරු කර ගත්තේය. චමත් සිතුවේ නෙත්මි අයේෂා ඇත්තටම තරුණියක බවයි. ඒ ගැන සිතා යෞවන වයසේ සිටි චමත් එදින නින්දට ගියේ බොහෝ බලාපොරොත්තු සිත තුළ තබාගෙනයි.

පසුදින උදා විය. චමත් පාසල් ගියේ ඉතා උද්‍යෝගයකින්ය. ඒ පෙරදින ෆේස් බුක් හරහා තමා සමග මිතුරු වූ තරුණිය ගැන මිතුරන්ට කීමටයි.
පාසලට පැමිණි චමත් එම තරුණිය ගැන මිතුරන්ට පැවසුවේ මෙලෙසින්ය.

‘‘ඊයේ මට එෆ් බී එකෙන් අක්කා කෙනෙක් සෙට් වුණා . මාර ලස්සනයි. පැය ගාණක් මගෙත් එක්ක චැට් කළා. ගොඩක් විස්තර කීවා. හරිම හොඳයි.’’

‘‘ආ එහෙනම් උඹටත් සිකුරා ලැබුවා.’’ මිතුරෝ එලෙස පැවසූහ.
එතැන් සිට දිනපතාම චමත් සහ නෙත්මි අයේෂා ලෙසින් සිටි ගිම්හාන තොරතුරු හුවමාරු කරගත්හ. ඒ අතර ගිම්හාන තවත් පාසල් සිසුන් කිහිපදෙනෙක් සමගම මේ ආකාරයෙන් තොරතුරු හුවමාරු කර ගත්තේය.
ඉතා සුක්ෂම ලෙස චමත්ව රවටාගෙන සිටි ගිම්හාන දවසක් ඔහු සමග මෙලෙස තොරතුරු හුවමාරු කර ගත්තේය.

නෙත්මි අයේෂා – ‘‘ ඔයාට කියන්න ලොකු රහසක් තියෙනවා.’’
චමත් – ‘‘මොකක්ද අනේ ලොකු රහස’’

නෙත්මි අයේෂා – ‘‘ මේක කිව්වට පස්සේ ඔයා මන් ගැන වැරදිහට හිතයිද දන්නේ නැහැ.’’
චමත් – ‘‘පිස්සුද ඔයා එක්ක මම ජීවිතේටවත් තරහවෙන්නේ නැහැ.’’

නෙත්මි අයේෂා – ‘‘චමත් ඇත්තටම මම ඔයාට කැමතියි. ඔයා එක්ක නි…. ගන්න වුණත්. මන් දන්නේ නැහැ ඇයි එහෙම වුණේ කියලා. එත් මම ඇත්තමයි කියන්නේ. ඔයා වැරදියට හිතන්න එපා. අකමැතිනම් ඒක අමතක කරලා දාන්න.’’

චමත් – ‘‘ ඔයා එක්ක මම තරහ වෙන්නේ නැහැ. මමත් කියා ගන්න බැරුව හිටියේ මමත් ඔයාට කැමතියි. පණ තියෙනකම් ඔයාව අමතක කරන්නේ නැහැ.’’
නෙත්මි අයේෂා – ‘‘ මගේ පිස්සු මල්ලී. එහෙනම් අද අපි අරවා ගැන කතා කරමු. මම දැන් ඔයාට පිංතූරයක් එවන්නම් ඒකට ඔයා කැමතිද බලන්න.’’

ඒ අනුව ගිම්හාන අන්තර්ජාලයෙන් සොයා ගත් මෙරට තරුණියකගේ නිරුවත් දෙපා දෙකක පිංතූරයක් චමත්ට යැව්වේය.
එය දැකීමෙන් ඔහුගේ සිතට අමුතු හැඟීමක් දැණුනි. එයින් උද්දීපනයක් ලබාගත් ඔහු තව තවත් නිරුවත් පිංතූර එවන ලෙස නෙත්මි අයේෂාට පැවසුවේය. ඒ අනුව නෙත්මි අයේෂා ලෙස පෙනී සිටි ගිම්හාන තවත් මුහුණ නොපෙනෙන ශරීරයේ විවිධ තැන්වල නිරුවත් පිංතූර කීපයක් ඔහුට යැවුවේය.

දැන් තමන්ගේ අරමුණ කරා ළඟා වීමට හොඳම කාලය බව ඔහු සිතා ගත්තේය. එලෙස සිතා ඔහු චමත්ට මෙසේ පැවසුවේය.
‘‘මගේ පිංතූර විතරයි එව්වේ. ඔයාගේත් නිරුවත් පිංතූර ටිකක් මට එවන්න ඇෙඟ් හැමතැනම වීඩියෝ කරලා වුණත් කමක් නැහැ. මම ආසයි ඔයාගේ මුහුණටයි, ඇඟටයි.’’

ගිම්හාන පැවසුවේ එපමණයි. චමත් තමන්ගේ ශරීරයේ නිරුවත් පිංතූර රැසක් ඔහුට යැව්වේය.
දින කිහිපයක් ඔහු එලෙස චමත්ව රවටා ඔහුගේ නිරුවත් පිංතූර ගෙන්වා ගත්තේය. දැන් හොඳටම ඇති. ඊළඟ අදියරට යායුතු යැයි ගිම්හාන සිතුවේය.

පසුදින චමත්ට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ පිරිමියකුගෙන්ය. ඔහු චමත්ට මෙලෙස පැවසුවේය.
‘‘නෙත්මි අයේෂා කියලා මේච්චර කල් ඔයත් එක්ක චැට් කළේ මම. ඔයාගේ නිරුවත් පිංතූර, වීඩියෝ සේරම ටික මා ළඟ ඉතා සුරක්ෂිතව තියෙනවා. ඒ සේරම ආපහු දෙන්නනම් මගේ එකවුන්ට් එකට රුපියල් 10,000 ක් දාන්න. දවස් දෙකක් කල් දෙන්නම්. නැත්නම් මේ නිරුවත් පිංතූර, වීඩියෝ සේරම අන්තර්ජාලයට දානවා.’’

එක්වරම එය ඇසීමෙන් චමත් අන්දුන් කුන්දුන් විය. කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමටවත් නොහැකිය. යාළුවන්ට කියන්නත් බැහැ. දෙමාපියන්ට කියන්නත් බැහැ. කමක් නැහැ කොහොම හරි සල්ලි ටික දීලා දානවා. එතකොට හරිනේ. ඒ අනුව චමත් දින දෙකක් ඇතුළට ගිම්හාන ලබාදුන් ගිණුම් අංකයට එම මුදල දැමුවේය.
මුදල් ලැබීමත් සමග මෙය හොඳ ඉල්ලමක් බව ගිම්හාන සිතුවේය. ඒ වන විටත් ඔහු තවත් පාසල් සිසුන් කිහිපදෙනෙක්ම එලෙස රවටා නිරුවත් පිංතූර ගෙන්වාගෙන තිබුණි. ඒ සේරම සිසුන් කොළඹ අවට ප‍්‍රසිද්ධ පාසල්වල සිසුන්ය. ගිම්හානට රුවටුණ එම සිසුන් ඔහු ඉල්ලන ගණන් දුන්නේය. මෙම කූට ව්‍යාපාරය මගින් ඔහු ලක්ෂ ගණන් සොයා ගත්තේය.
කලක් යද්දී ගිම්හාන මේ සඳහා තවත් පුද්ගලයකු සම්බන්ධ කර ගත්තේය. නමින් ඔහු තරිඳුය. රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි ඔහු පෞද්ගලික බැංකුවක සේවය කළ තරිඳු මෙයට පෙර ගිම්හානගේ උගුලට හසුවූ අයෙකි. එය අමතක කර දැමූ තරිඳු, ගිම්හානට එකතු විය. දැන් දෙදෙනා ජයටම මෙය කරගෙන යති.

තරිඳුද මෙම දෙදෙනාගේ උගුලට හසුවූ අයෙකි. වරක් දෙවරක් නොව කිහිපවරක්ම මොවුන් තරිඳුගෙන් මුදල් ලබාගෙන තිබුණි. අවසානයේ මෙය තරිඳුට දරා ගත නොහැකි විය. එම නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා අඩාළ විය. අවසානයේය. ඔහු මෙය තම මවට කීමට තීරණය කළේය.
තම පුතා මුහුණ පා ඇති ගැටලූව අසා මහත් සේ කම්පාවට පත්වූ ඇය නීතියේ පිහිට පැතීමට තීරණය කළාය. ඒ අනුව රහස් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කළාය. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ එම නිලධාරීහු පරීක්ෂණ පවත්වා. මෙම සැකකරුව සහ ඔහුට උදව් කළ බැංකු නිලධාරියාව අත්අඩංගුවට ගත්හ.
ප‍්‍රධාන සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූයේ වසර තුනක සිට ඔහු මෙම ක‍්‍රියාව සිදුකර ඇති බවයි. ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කොළඹ අවට පාසල්වල සිසුන් පනහකගේ පමණ නිරුවත් පිංතූර සහ වීඩියෝපට සොයාගෙන තිබුණි.

තරුණ, තරුණියනි ෆේස් බුක් නොහොත් මුහුණු පොත භාවිත කිරීමේදී ඉතාමත් ප‍්‍රවේශම් වන්න. මන්දයත් මෙවැනි වංචනිකයන් තවත් සිටිය හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!