Gossip

කුලප්පු වූ මී හරකාගේ අංපහරෙන් දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති අවසන් ගමන් යයි

කුලප්පු වූ මී හරකාගේ ප‍්‍රහාරයෙන් තරුණ මවක් හා දියණියක් බේරා ගැනීමට ගිය දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති මී හරකාගේ අංපහරට ලක්වීමෙන් පෙරේදා (09) දා මරණයට පත්ව තිබේ.

මෙලෙස කනගාටුදායක ලෙස මිය ගියේ වැල්ලව පොලිස් වසමේ කැකුලාවල තඹගල්ලේ ප‍්‍රියන්ත ප‍්‍රසාද් නැමැති (40) හැවිරිදි දෙදරු පියෙකි.
පාරේ ගමන් කරමින් සිටි මවක් හා දියණියකට කැකුලාවල ප‍්‍රදේශයේ ගොවියකුගේ මී ගවයකු විසින් දරුණු ලෙස අනින විටදී ඔවුන් බේරා ගැනීමට යෑමේ දී මෙම සිද්ධිය සිදුවී තිබෙනවා.

මේ අවස්ථාවේ දී මී ගවයා මෙම පුද්ගලයාට අනිද්දී ඔහු අසලට නිවසකට දිව ගොස් තිබේ. ඔහු පසුපස පැමිණි මී ගවයා එහි දොරද බිඳ දමා මරණකරුට ඇන තිබේ.
ප‍්‍රහාරයට ලක් වූ කාන්තාවන්ගේ උදර ප‍්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බැවින් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ගව හිමියා වැල්ලව පොලිසියෙන් අත්ඩංගුවට ගෙන ඇත.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!