Gossip

කැමරාව ඉස්සරහ කලිසම ගලවන්න පුළුවන්ද? – පුළුවන් නම් එහෙම කරල පෙන්වන්න – අනෝමා ජනාදරීගෙන් අභියෝගයක්

නිරුවත් ජවනිකා නිසාම ජනාදරයට පත් අනෝමා ජනාදරී ෆේස්බුක් සමාජ ජාලය තුළත් ක්‍රියාශීලී චරිතයක්. පසුගිය සතියේ ඇය ෆේස්බුක් පිටුවෙහි අලුත් DVD පටයක් සඳහා කඩවසම් තරුණයෙකු අවශ්‍ය බවට පෝස්ට් එකක් දමා තිබුණා. මේ ඒ සම්බන්ධව ඇය පළ කෙරූ අදහස්.

අනෝමා ජනාදරීගෙ අලුත්ම නිර්මාණය විදියට ඩීවීඩී පටයක් විදියට එනවා කියල ආරංචියි. මොකක්ද මේ අලුත්ම නිර්මාණේ?
සමාජයේ ඉන්න කාන්තාවන්ට පිරිමින්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබාදීමට ප්‍රේම ජවනිකා පොත මම එළිදැක්වුවා. ඒක පොතක් විදියට කියවන්න මිනිස්සු පෙලඹෙනවා අඩුයි. ඒ අවස්ථාවට මැළි වීම නිසා මම හිතුවා වෛද්‍යවරුන්ගේ සහයෝගයත් එක්ක වාර්තාමය ඩීවීඩී පටයක් විදියට එළිදක්වන්න. මේක සැමියාට බිරිඳට එකට ඉඳන් බලන්න පුළුවන්. ඒක වඩාත් පහසු අධ්‍යාපන මාර්ගයක් විදියට තමයි මම දකින්නේ. පොතකින් හැඟීමක් දැනෙනවට වඩා වීඩියෝ එකකින් හැඟීමක් දැනෙනවා වැඩියි. ඒක තමයි අලුත්ම නිර්මාණය.

මේ මොහොතේ බොහෝ දෙනා කතාකරන්නෙ සභ්‍යත්වය. එහෙම තත්ත්වයක් තියෙද්දි මේ නිර්මාණයට මොන විදියේ බලපෑමක් එල්ල වෙයිද?
සභ්‍යත්වය කියන එක කොහෙද තියෙන්නේ. කා ළඟද ඔය නිර්ණායකය තියෙන්නේ. මට අහන්න තියෙන්නේ සභ්‍යත්වයක් නැති තැනක ඇයි අපි සභ්‍යත්වය කියල දෙයක් ගැන කලබල වෙන්නේ. අපි හොඳ සභ්‍යත්වයක හිටපු මිනිස්සු. පස්සේ තමයි අපිට වික්ටෝරියානු සභ්‍යත්වය කියල එකක් බලෙන් පැටෙව්වේ. ඒ ආකල්ප අපේ සමාජයට සංස්කෘතියට බලපෑම් කරපු තරම තවමත් අපි සභ්‍යත්වය කිය කියා අනුන්ගේ කුණු ගොඩක් ගැන කතා කරනවා.

පසුගිය කාලය පුරාම විවිධාකාරයේ කතාබහට ලක්වෙන පෝස්ට් ඔබ මුහුණු පොතට එක් කර තිබුණා. කොහොමද ඒවට ලැබෙන ප‍්‍රතිචාර?
ධනාත්මකයි. මොකද මම කලාකාරිනියක්. මගේ කලාව හැම මොහොතෙ ප්‍රේක්ෂකයන් පිනවීම. ඒ පිනවීම හරහා මම චිත‍්‍රපට මාධ්‍යයන් තුළින් කතා කරල තියෙන්නෙ දුක්ඛ දෝමනස්සයන්ට, ගැහැටට, විපතට, අසාධාරණයට ලක්වුණ ගැහැනිය ගැන. ඒක විතරමද ප්‍රේක්ෂකයා දැකිය යුත්තේ. ඇයි අපිට අපේ නිර්මාණ තුළින් සතුටු වෙන්න බැරිද? ප්‍රේක්ෂකයන්ව සතුටු කරන්න බැරිද? ගැහැනු සිරුර කියන්නේ ඉතාම ශෘංගාරය දනවන දෙයක්. ඒ ශෘංගාරාත්මක ඡායාරූප, පෝස්ට් තුළින් මම දන්වන්න උත්සාහ කරන්නේ ප්‍රේමය, ආදරය, ළෙන්ගතුකම වගේ දේවල් සමාජයට අත්‍යවශ්‍ය දේවල් කියලා.

මේවට විශේෂයෙන් ඇළුම් කරන පිරිසක් ඉන්නවද?
එහෙම විශේෂයක් කියලා නැහැ. විදේශ රටවල බොහෝ දෙනා ඉතාම කැමැත්තෙන් කමෙන්ට් දානවා.

අනෝමා ජනාදරී කියපුවාම ගොඩක් අයගෙ ඔළුවට එන්නෙ සෙක්ස්. ඇයි එහෙම වෙලා තියෙන්නේ?
ඒක මාධ්‍යයෙන් කරපු දෙයක්. මේ අවස්ථාව මට ලැබුණ එක හේතුවක් තමයි ෆිල්ම් එක. අනිත් එක ෆේස්බුක්. අනික ප්‍රේම ජවනිකා කියන පොත. මේ තුනම නිසා ජනතාව අතරට යන්න මට අවස්ථාව ලැබුණා. මේ තුනේම මාතෘකාව වැඩිහිටියන්ට පමණයි කියන එක. මේ තුනේම මාතෘකාව වුණේ ගැහැනිය මුහුණ දෙන ලිංගික ක‍්‍රියා. ඉතින් මේ විදිහෙ දේවල් ලංකාව ඇතුළේ ගන්නේ වැඩිහිටියන්ට පමණයි කියලා. ඒක නිසා මේ දේවල් සිද්ධ වුණත් මම අහන්නේ නිර්මාණයක් නරඹන්න ඇයි පොඩි ළමයින්ට අකැප. ඒ ළමයා ඒකෙන් ලිංගික හැරස්මන්ට්, කාන්තාව මුහණ දෙන අපචාර වගේ දේවල් දැන ගන්නවනේ. එහෙම දැනගත්තාම ඒ අය එයාලගෙ ජීවිතේට අවබෝධයක් ලබනවා.

මිනිස්සු ඒ විදියට අනෝමා ජනාදරී දෙස බලන එකට ඔබ කැමතිද?
මම හිතන්නෙ නෑ මිනිස්සු මාව ඒ විදියට දකිනවා කියලා. මම තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටිය කරද්දි මාධ්‍ය තමයි මගේ නිරුවත ගැන කතා කළේ. පොදු රසිකයා දැක්කා මේ ගැහැනියගේ ඛේදවාචකය. ඊට පස්සේ දැවෙන විහඟුන් සිනමා පටය. මේක ඇතුළෙ බහුතරයක් මේ ඛේදවාචකයට ලක්වෙච්ච කාන්තාව, පවුල, දරුවෝ ගැන ඉතා විස්තීර්ණ මනසකින් කතා කරනවා.

හැමවෙලාවෙම ඔබ රංගනයේදී විවිධ අසාධාරණයන්ට ලක්වුණා කිව්වොත් හරි නේද?
හරියටම හරි. මොකද මේ රට ඇතුළේ රංගන ශිල්පිනියක් වෙන එක ඉතාම අසීරු කාරණයක්. අපේ කාලෙදි අධ්‍යාපනය ලබන්න තැනක් තිබුණේ නෑ. ගෙදරින් ඒකට ඉඩ කඩක් තිබුණෙ නෑ. ඒ සියලු පීඩන කඩා බිඳගෙන තමයි මම චරිත රූපණ ශිල්පිනියක් හැටියට ගොඩනැගෙන්නෙ. ඒ මට තිබුණ සමාජ දේශපාලන පරිචයයි, විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි, සමාජ අවබෝධයයි, කලාව පිළිබඳ කුඩා කාලයේ සිට පරිශීලනය කරපු කරුණු එක්ක. රුසියානු කලාව තමයි මගේ සමාජ දේශපාලන අවබෝධය ඇති කළේ.නිරුවත් ජවනිකා නිසාම මගේ වෘත්තියට අසාධාරණයට ලක්වුණා. ලක්කළා. ඒක කළේ ගෙදර සැමියා. ගෙදර සැමියා ඒක කරලා සිනමා ක්ෂේත‍්‍රයටම පෙන්නුවා මෙන්න උඹලත් සූරා කාපල්ලා මේ ගැහැනියව කියලා. ඊළඟට ඒ බැට්න් එක අරගෙන ආපු සාමාජිකයා තමයි සංජීව. ගෙදර සැමියා තමන්ගේ බිරිඳ සූරාකෑම හරහා ඕනම කෙනෙකුට ඇයව සූරා කෑමක් කරන්න පුළුවන් කියන දේ සමාජගත කළා. ඒ පිටිපස්සේ තමයි ඊළඟ සාමාජිකයා විදියට මට සංජීවව අර්ථ ගන්වන්න වෙන්නේ. තමන්ගේ නිර්මාණයට වෙන රටක චරිත රූපණ ශිල්පිනියක් මේ නිරුවත් ජවනිකාවකට ඉදිරිපත් වෙනව නම් ඇයට විශේෂ රැකවරණයක්, විශේෂ සැලකීමක්, විශේෂ ආර්ථික ක‍්‍රමයක් ඇයගේ ඉදිරි පැවැත්මට අධ්‍යක්ෂවරයා හදල දෙනවා. බටහිර රටක ඒක ඒ තරම් බරපතළයි.

ඇයි ලංකාව ඇතුළේ ඒක ඒ තරම් බරපතළ කාරණයක් නොවී තියෙන්නේ?
කිසිම තැකීමක් නෑ. මොකද ඒ තරම් නිර්භයව ඒ තරම් අභීතව ඒ තරම් පැකිළීමකින් තොරව මේ චරිතය නොබියව මම නිර්මාණය කරන කොට අධ්‍යක්ෂවරයා හිතනවා මේක කළ යුතු දෙයක්, සුළු දෙයක් කියලා. ආසියානු රටක ගැහැනියගේ මානසිකත්වය මේ විදිහට ගොඩ නගන්න පුළුවන්ද කියලා බරපතළ අර්බුදයක් තියෙනවා. ඊළඟට ආසියාතික ගැහැනියක් හැටියට සමාජය මොන විදියට පිළිගනීද කියල හිතන්න තියෙනවා. ඒ කිසි දෙයක් අධ්‍යක්ෂවරයාට වැදගත් නෑ. එයාට තියෙන්නේ කියන්න විතරයි. මම තමයි බැට කන්නේ. මම හඳගමගෙනුයි, සංජීවගෙනුයි අහනවා පුළුවන්ද කලිසම ගලවන්න කැමරාව ඉස්සරහ. එහෙම ගලවන්න ශක්තියක් තියෙනවද? පුළුවන් නම් එහෙම කරල පෙන්වන්න. හඳගම නළුවෙක් නේ. පුළුවන් නම් කරලා පෙන්වන්න. තමන්ගේ බිරිඳ නිරුවත් ජවනිකාවකට යොදලා ඒකට ගෙවන්න කියලා ඉල්ලපුවාම බිරිඳ කියන මානයෙන් විවාහ සහතිකයකට ඒ රඟපෑම යට කරලා අධ්‍යක්‍ෂවරයා කියනවා නොතිබූ ගිවිසුමකට ගෙවිය නොහැකියි කියල.

නිරුවත කියන්නෙ මාකට් කරන්න ඕනම දෙයක්ද?
නිරුවත විතරක් නෙවෙයි ඕනම දෙයක් මාකටින් තමයි. ඔය විවිධ පොත් ප‍්‍රකාශකයෝ ජනප‍්‍රිය පුද්ගලයන්ගේ නම් භාවිත කරලා පොත් ප‍්‍රසිද්ධ කරන්නේ ඒකත් මාකටින්. නිරුවත මාකට් කරන්න තරම් විශේෂ දෙයක් නෙවෙයි. දාඩිය දාගෙන මහන්සියෙන් සීගිරි ගල තරණය කරන්නේ නිරුවත් රූප දෙක බලන්න නෙවෙයිද? ඒකට ටිකට් එකක් කඩනවා. ඒකත් මාකටින්නේ. කාටහරි කියන්න පුළුවන්නේ දැන් බුදුනුත් මාකට් කරනවා කියලා. මාකට් එකට තමයි මේ සියලූ නිර්මාණ කරන්නේ.

අනෝමා ජනාදරිත් ඒ මාකට් එකේ කොටසක්?
අනෝමා ජනාදරීට විතරක් නෙවෙයි බුදු හාමුදුරුවන්ටත් පොදුයි ඒක. ඇයි අනෝමා ජනාදරී විතරක් කොටු කරන්නේ. බුදු හාමුදුරුවොත් මාකට් කරන යුගයක අනෝමා ජනාදරී මාකට් වුණාම මොකක්ද තියෙන ප‍්‍රශ්නෙ.

අනෝමා ජනාදරී මේ හැමදේකින්ම, හැම නිර්මාණයකින්ම හොයන්නේ ආදරේ නේද?
ඔව්. අහිමි වෙච්ච ආදරේ. ඒක මේ දේවල්වලින් හම්බ වෙනවා. අපි ආදරේ කුඩා කාලයේ ඉඳලා හොයනවා. බහුතරයක් මධ්‍යම පාන්තිකයන්ට ආදරේ ලැබෙන්නෙ නෑ. ඉතින් අපි හැමදාම හොයනවා ආදරේ. මේත් හොයනවා.

ආදරේ ලැබිලම නැද්ද?
ලැබුණ නම් හොයන්නෙ නෑනෙ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!