Gossip

කැබිනට් හමුවට ගිය මාධ්‍යවේදියාගේ පළමු PCR පරීක්ෂණය පොසිටිව් වෙයි – විශේෂ දැනුම් දීම මෙන්න

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් පැතිර ගිය තුන්වැනි කොරෝනා රැල්ල හමුවේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුට සිදු කළ පළමු පීසීආර් පරීක්‍ෂණයකින් ඊයේ (16 වැනිදා තහවුරු විය.
මෙම මාධ්‍යවේදියා පසුගිය 13 වැනිදා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ද සහභාගි වී ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇත්දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ නාලක කළුවැව මහතා ඊයේ සඳහන් කළේය.
මාධ්‍ය ආවරණ කටයුත්තක් සඳහා ඔහු විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට ද පසුගිය දිනවල සහභාගි වී තිබෙන බවද අනාවරණය වී තිබිණි.
ආසාදිත බවට සැක කරන මාධ්‍යවේදියා දෙවැනි පීසීආර් පරීක්‍ෂණයකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඊයේ පියවර ගෙන තිබුණු අතර එම පරීක්‍ෂණයේ වාර්තාව ලැබෙන තෙක් ඉකුත් 13 වැනිදා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ සියලූ මාධ්‍යවේදීන්ට බාහිර සමාජයට නිරාවරණය වීමෙන් වළකින ලෙස දැනුම් දෙන්නැයි සියලූ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් වෙත ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඊයේ විශෙෂ දැනුම් දීමක් ද කර තිබිණි.
ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතුව ඇති අදාළ දිනයේ කැබිනට් මාධ්‍ය හමුවට පැමිණි සියලූ මාධ්‍යවේදීන්ගේ තොරතුරු සෞඛ්‍ය අංශ වෙත භාර දීමට කටයුතු කෙරුණු බව ද නාලක කළුවැව මහතා පැවසීය.
සම කැබිනට් ප‍්‍රකාශකවරුන් වන ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ සහ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ නාලක කළුවැව යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 13 වැනිදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවත්වුණු අතර එයට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු රැුසක් සහභාගි වී සිටියහ.
ඇතිවී තත්ත්වය හමුවේ ඉදිරියේදී මාධ්‍ය හමු සංවිධානය කිරීම සම්බන්ධයෙන් රජය කිසියම් තීරණයක් ගෙන තිබේදැයි ඊයේ අප ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ පිළිබඳ සාකච්ඡුා කර සොයා බැලීමක් සිදුකරමින් පවතින බව ඇමැතිවරයා සඳහන් කළේය.
යම් ආකාරයකින් අදාළ මාධ්‍යවේදියාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කිරීමට තමන් සූදානමින් සිටින බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ නවාතැනක සිට රැකියාව සිදු කළ මෙම මාධ්‍යවේදියා බලංගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පසුගියදා නිවාඩුවකට බලංගොඩ සිය නිවසට ගොස් තිබීම නිසා ඔහු ගමන් කළ බලන්ගොඩ නගරයේ නිවාස සහ වෙළ`දසල් 10 ක පමණ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක් කර අදාළ වෙළෙඳසල් තාවකාලිකව වසා දැමීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
කොළඹ නගර සභාවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිද්ධිය හමුවේ ඊයේ දිනයේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු සියලූම මන්තී‍්‍රවරුන්ට පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු කෙරිණි.
එම පීසීආර් පරීක්‍ෂණවලින් පසු සියලූ දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපදින ලෙස නගරාධිපතිනිය ද සියලූම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
බ‍්‍රැන්ඩික්ස් පොකුරේ බලපෑම හමුවේ කොළඹ නගරයේ තිබූ තත්ත්වය එසේ වෙද්දී ඊයේ දහවල් වන විට බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු සහ ආශි‍්‍රතයන් 58 දෙනකු ලෙස තවත් 61 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1850 දක්වා ඉහළ ගොස් තිබිණි.
කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ද 135 දක්වා වැඩිවී තිබුණු අතර සීදුව හා රද්දොළුගම ප‍්‍රදේශවලට එමගින් දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවද වාර්තා විය.
රද්දොළුගම නිවාස සංකීර්ණයේ පුද්ගලයන් සිව්දෙනකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර මේ හේතුවෙන් නිවාස 2200 කින් පමණ සමන්විත රද්දොළුගම නිවාස සංකීර්ණයේ පවුල් එකොළහකට අයත් සාමාජිකයන්ගේ නිවාස නිරෝධායනයට ලක්කිරීමට ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් කටයුතු කර ඇත.
දැනට තහවුරු වී ඇති ආසාදිතයන් අතරින් එක් අයකු රද්දොළුගම කසළ අංගනයක සේවකයකු බැවින් එම කසළ අංගනය වසා දැමීමට ද කටයුතු කර ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 23 දෙනකු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වීම නිසා වත්තල ප‍්‍රදේශයේ නිවෙස් 88ක නිවැසියන් නිවෙසේ නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
බෝපිටිය, උස්වැටකෙයියාව, කෙරවළපිටිය, හැ`දල, දික් ඕවිට සහ වැලිසර යන ප‍්‍රදේශවල පිහිටි නිවෙස් රැුසක සාමාජිකයන් මෙසේ නිරෝධායනයට යොමු කර සිටින බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුණ අමරසේකර මහතා පැවසීය.
කොරෝනා වෛරසය ආසාදනය වූ රඹුක්කන ඊරිගොල්ල ප‍්‍රදේශයේ කාන්තාවක් ආසන්න ගම්මාන රැුසක සංචරණය කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඊරියගොල්ල ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා වසම් තුනකට අයත් ගම්මාන හතක් හුදකලා කිරීමට පියවර ගත් බව රඹුක්කන පොලිසිය සඳහන් කළේය.
නිට්ටඹුව කලගෙඩිහේන ප‍්‍රදේශයේ ඇ`ගලූම් හලක සේවය කරන මෙම කාන්තාව පසුගියදා අසනීප තත්ත්වයකින් නිවසට පැමිණ රඹුක්කන රෝහලට ඇතුළත් වීමෙන් පසුව පෙරේදා (15 වැනිදා සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකින් පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
පොලොන්නරුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය විය. අරලගංවිල, බෝගස්වැව ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන එම කාන්තාව වෙනත් රෝගී තත්ත්වයක් ස`දහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර සිටියදී කොරෝනා රෝග ලක්‍ෂණ පහළ වීම නිසා සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකදී මේ බව තහවුරු වී ඇත.
මේ හේතුවෙන් එම කාන්තාව ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සෞඛ්‍ය කණ්ඩායම් දෙකක් යෙදවීමට ද පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා කටයුතු කර තිබිණි.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ බලපෑම මේ වන විට බියගම ආයෝජන කලාපය දක්වා ද විහිද ගොස් ඇති අතර බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කොරෝනා ආසාදිත සේවකයන් දෙදෙනකුගේ බිරින්දෑවරුන් දෙදෙනා බියගම කලාපයේ සේවය කරන බැවින් ඔවුන් දෙදෙනා සේවය කරන ආයතන දෙකේ ආශි‍්‍රතයන් 16 දෙනකු නිවාස නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
මේ අතර මීරිගම විවිධ සේවා සමුපකාරයේ සේවකයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (15 වැනිදා* තහවුරු වීම හේතුවෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පියවර ගෙන ඇත.
මේ වන විට පානදුර පොලිස් බලප‍්‍රදේශය තුළින් ද කොරෝනා රෝගීන් අටදෙනකු වාර්තා වී ඇතැයි පානදුර පොලිසිය ස`දහන් කරයි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!