Gossip

කාන්තාවන් නිරුවත ප්‍රදර්ශනය කිරීම නිසා වවුනියාවේ කාන්තා සංවිධාන පාරට බහියි

කාන්තාවන්ගේ නිරුවත හා අඩ නිරුවත ප්‍රදර්ශනය වීම් වළක්‌වන ලෙස ඉල්ලමින් වවුනියාවේ කාන්තා සංවිධාන කීපයක්‌ විරෝධතා පා ගමනක නිරත වී තිබෙනවා.

ඒ අනුව වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ මේ විරෝධතා පෙළපාලිය වවුනියාව නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය දක්‌වා ගමන්කොට එහිදී නියෝජ්‍ය පොලිස්‌පති අනුර අබේවික්‍රම මහතාට කාන්තා සංවිධාන විසින් විශේෂ සන්දේශයක්‌ පිළිගන්වනවා තිබෙනවා.

මෙම මේ සංදේශයේ සඳහන්ව ඇත්තේ මහමඟ ගමන් කරන කාන්තාවන් හා තරුණියන් ඔවුන්ගේ නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයට ඇඳුම් ඇඳීම නවතාලීමටත් රූපවාහිනිය හා සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේ සිදුවන එවැනි ප්‍රදර්ශනය කිරීම් නවතාලීමටත් පොලිසිය පියවර ගත යුතුව ඇති බවයි.

උතුරේ තරුණියන් උපකාරක පන්තිවලට යැමේදී පමණක්‌ නොව කෝවිල් ඇතුළු සිද්ධස්‌ථානවලට යාමේදීත් අඩ නිරුවත් ඇඳුම් ඇඳීම විලාසිතාවක්‌ කරගෙන ඇති බව පෙන්වා දෙන වවුනියාවේ කාන්තා සංවිධාන මේ තත්ත්වය නිසා කාන්තාවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වීම වැඩි වී ඇති බවද නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට බාර දුන් ලිපියේ සඳහන් කොට කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!