Gossip

කාන්තාවන් දෙදෙනකු හා මිතුරකු සමග ලැගුම්හලට පැමිණි පුද්ගලයාගේ මළ සිරුර දින දෙකකට පසු නාන කාමරයෙන් හමුවෙයි

කාන්තාවන් දෙදෙනකු සහ මිතුරකු සමග ලැගුම් හලට පැමිණි පුද්ගලයාගේ මළ සිරුර දින දෙකකට පසුව නාන කාමරයේ තිබී හමුවූ පුවතක් මහනුවර හන්තානෙන් වාර්තා වේ.

මහනුවර හන්තානයේ ලැගුම් හලක නාන කාමරයේ පුද්ගලයකු මියගිය සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ලැගුම් හලේ කළමනාකරු කළ පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නානකාමරයේ මළ සිරුරක් ඇති බව දැක  අදාළ ස්ථානයේ කම්කරුවකු කළමනාකරුව දැනුවත් කර ඇති බව පොලිසිය පවසයි.

එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී පොලිසිය දැක ඇත්තේ මිය ගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවය. ඔහු වැටී සිටි තැනට ඉහළින් ජනේලයේ රෙදි පටියක්ද ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි. මිය ගොස් සිටින පුද්ගලයා ඉකුත් තිස් එක් වැනි දින රාත‍්‍රියේ තවත් පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනකු සමග මෙම ලැගුම් හලට පැමිණ ඇත.

දෙවැනිදා පෙරවරුවේ සෙසු පුද්ගලයින් මෙම නවාතැනින් පිටව ගොස් ඇති බවද අනාවරණය වී ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ප‍්‍රදේශයේ පදිංචි තිස් නව හැවිරිදි නැමැත්තෙකි.

ඔහු මිය යාමට හේතුව කුමක්ද යන්න සොයා බැලීම සඳහා මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මොහු සමග ලැගුම් හල වෙත ගිය සෙසු පුද්ගලයින් සොයා පරීක්ෂණ පැවැත්වෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!