Gossip

කාගේත් ආදරය දිනාගත් ටිං ටිං චිත්‍ර කතාවේ මුල් පිටපත වෙන්දෙසියට ඉදිරිපත් කරලා..

ජනප්‍රිය චිත්‍ර කතාවක් වන ටින් ටින් චිත්‍ර කතාවේ මුල් පිටපත් වෙන්දේසියකට ඉදිරිපත් කර තිබෙනවා.

පැරිස් නුවර පැවැත්වෙන මෙම වෙන්දේසියේදී අදාළ පිටපත අමෙරිකානු ඩොලර් හාරලක්ෂ පනස් දහසකට ආසන්න මිලකට නියමකර ඇති බවද සඳහන්.

ටින් ටින් චිත්‍ර කතාව හා ඒ අනුසාරයෙන් නිපදවූ ටින් ටින් කාටූනය ලෝපුරා ලොකු කුඩා කාගේත් මහත් ආදරයට ලක්වුණා.

එහි එන, ටින් ටින්, ස්නෝවි, කැප්ටන් හැඩොක් හා මහාචාර්ය කැල්කියුලස් වැනි චරිත අදටත් සෑම දෙනා අතරම අතිශය ජනප්‍රියයි.

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැති එක් වෙන්දේසියක් හේතුවෙන් ටින් ටින් චිත්‍ර කතාව යළිත් කරලියට පැමිණ තිබෙනවා.

පැරිස් වෙන්දේසියේදී ටින් ටින් චිත්‍රකතාවේ නිර්මාතෘ හර්ජ් 1942 වසරේදී චිත්‍රණය කළ කාටූනයක් අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ හතලිස් දෙදහසක මුදලකට මිලකර ඇත.

මෙසේ අලෙවිය සදහා තබා තිබුණේ ද මිස්ටීරියස් ස්ටාර් නම් චිත්‍ර කතාවේ තීරු තුනක්.

යුද සමයේ පැවැති කඩදාසි හිඟය නිසා චීන තීන්ත යොදාගෙන කර තිබූ මෙම චිත්‍ර කතා ඉතාමත් තුනී කඩදාසි මත චිත්‍රණය කර ඇත.

චිත්‍ර කතාවට අමතරව එය මිලදී ගන්නා තැනැත්තාට හර්ජ් ගේ රුධිරය බිදුවක්ද හිමිවීම මෙහි ඇති විශේෂත්වයයි.

චිත්‍රය අදින අවස්ථාවේදී සිදුවූ තුවාලයකින් ලේ වැගිර තිබීම හේතුවෙන් එම චිත්‍ර කතාව මත රුධිරය තැවරී තිබීම ඊට හේතුවයි.

චිත්‍ර කතාවක් ලෙසින් ඉහළ මිලකට අලෙවි වෙමින් ලෝක වාර්තා තැබීමට දැනටමත් ටින් ටින් චිත්‍ර කතාව සමත්වී ඇත.

1954දී අඳින ලද එක්ස්ප්ලෝරර්ස් ඔන් ද මූන් ‘Explorers on the Moon’ ලෙසින් නම් කළ චිත්‍රකතා අයත් පිටුවක් අමෙරිකානු ඩොලර් මිලියන 1.71ක මිලකට 2006 වසරේදී අලෙවි වී තිබුණා.

2017 දී පැවැති තවත් වෙන්දේසියකදී 1939 වසරේදී ප්‍රකාශිත කින්ග් ඔටෝකාර්ස් සෙප්ට්‍රේ (King Ottokar’s Sceptre) නම් චිත්‍ර කතාව හා ද ශූටින් ස්ටාර් (The Shooting Star) චිත්‍ර කතා දෙක අමෙරිකානු ඩොලර් ලක්ෂ පහ මාරකට හා ලක්ෂ හතරකට අලෙවි වී තිබූ බවද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!