Gossip

“ක්‍රිෂානි වගේම රවීනුත් මට හොඳ අභියෝගයක් වුණා..මීට වසර දහයකට පෙර මම දෙරණ Little Star සඳහා සහභාගි වුණා.”

දෙරණ සිහින තරු සොයා යන ගමනේ දහසකුත් තරගකරුවන් අතරින් Dream Star Season VIII සිහින තරු කිරුළේ හිමිකරුවා බවට පත්වන්නට තරම් ඔහු වාසනාවන්ත වුණා.
කරළිය උඩු යටිකුරු කරමින් සිය ගායන ප්‍රතිභාවෙන් මුළු රටක් තමාගේ වසඟයට ගන්නට ඒ අසිරිමත් රාත්‍රියේ ඔහුට හැකිවුණා.
මේ සුපිරි සිහින තරුව තනුර මධුගීත් දිසානායක. මිලියනයක මුදල් ත්‍යාගයක් සමඟ ලක්ෂ 150ක වටිනාකමකින් යුත් නිවෙසක් ත්‍යාග ලෙස දිනාගත් තනුර සිව් දෙසින් සුබපැතුම් ගලා එන මොහොතක හා හා පුරා කියා ‘රසඳුන‘ සමඟ ඒ සතුට බෙදා ගන්නට අමතක කළේ නෑ.

තනුර ‍කොහොමද දැනෙන සතුට?
ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. එය වචනවලට පෙරළිය නොහැකි තරම්..

ඒ වාසනාවන්තයා ඔබ වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණද?
ඇත්තටම පුංචි සිහිනයක් තිබුණා..අවසන් තිදෙනා අතරට එන්න ලැබීමත් ලොකු සතුටක් කියලයි මම හිතන්නේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඒවායින් නම් කිසි අඩුවක් නෑ. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මගේ මතකය හැටියට ඔබ 2009 වසරේ දෙරණ Little Star තරගය නියෝජනය කළා.?
ඔව්. මීට වසර දහයකට පෙර මම දෙරණ Little Star සඳහා සහභාගි වුණා.

තනුර ඔබ සංගීත වටපිටාවක හැදුණු කෙනෙක්?
මම කුඩා කාලයේ ඉඳලම සංගීතයට කැමැතියි. මගේ තාත්තා ජයන්ත දිසානයක. ඔහු වෘත්තීය සංගීත ගුරුවරයෙක්. මේ වන විට කොළඹ නාලන්දා විදුහලේ සංගීත ආචාර්යවරයා ලෙස සේවය කරනවා. මගේ මල්ලි හිමාෂ මනුප්‍රිය. ඔහු මීට පෙර දෙරණ Little Star’ කිරුළ දිනා ගත්තා.

අවසන් තරගකරුවන් දෙදෙනා ඔබට අභියෝගයක් වුණාද?
මම දැනුණ විදිහට මෙයට සහභාගී වුණු තරගකරුවන් සියලු දෙනාම එක වගේ දක්ෂයි. ඒ අතර මා සමඟ අවසන් අදියරේ තරග වැදුණු ක්‍රිෂානි වගේම රවීනුත් මට හොඳ අභියෝගයක් දුන්නා. ඒත් මුල සිටම මම මගේ හැකියාව උපරිමයෙන් පෙන්වා ඒ අභියෝගවලට මා අභියෝග කළා.
මට ඒ වාසනාව ලැබෙන්න ඇත්තේ ඒ නිසයි.

තනුරගේ ගම් පළාත?
මම දැන් පදිංචි වෙලා ඉන්නේ මාලඹේ.. ඒත් මගේ උපන් ගම කෑගල්ල රඹුක්කන.

පාසල් ගියේ?
මෙහෙමයි 1-5 ශ්‍රේණිය දක්වා සිප්සතර හැදැරුවේ කෑගලු විද්‍යාලයේ.
පසුව තමයි කොළඹ නාලන්දාවට ඇතුළත් වෙන්නේ.

‍ඔබට ශක්තියක් වුණු පිරිස මතක් කරන්න මේ හොඳම වෙලාව?
මුලින්ම දෙරණ ආයතනය මේ මොහෙ‍ාතේ සිහිපත් කළ යුතුමයි. ඇත්තටම ඔවුන් නිසයි තනුර මධුගීත් දිසානායක කියන නාමය රටක් හඳුනා ගන්නේ.
ඒ වගේම ‍මගේ අම්මයි තාත්තයි. නාලන්දාවේ සියලු දෙනාත්, විශේෂයෙන් මිලින්ත මගේ හොඳම මිතුරා මට ලොකු ශක්තියක් වුණා. මාලඹේ වෙළෙඳ සංගමයත් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

මොනවද ඔ‍බේ අනාගත බලාපොරොත්තු?
ලැබුණ ප්‍රතිචාරත්, මගේ දක්ෂතාවත් එක්ක සංගීත ‍ක්ෂේත්‍රයට ලොකු සේවයක් කිරීම තමයි මගේ මූලික අරමුණ. අලුත් නිර්මාණ සමඟ ඉන්දියාවේ භාත්ඛණ්ඩවලින් සංගීතය පිළිබඳ වැඩිදුර හැදෑරීමත් තවත් එක්අරමුණක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!