Gossip

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කරයි – ශතක, අර්ධ ශතක සහ කඩුලු වලටත් දීමනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් ක්‍රිකට් ආයතනය විසින් වැඩි කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට වැඩි වාසියක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ටෙස්ට්, එක්දින මෙන්ම T20 තරඟ ගාස්තුත් වැඩි කර තිබෙනවා.

ඉන් සමහර ගාස්තු වැඩි කරද්දී මිට කලින් තිබ්බ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් භාවිත කර ඇති බවටත් වාර්තා වනවා.

මිට අවුරුද්දකට කලින් ටෙස්ට් තරඟයක් සඳහා ක්‍රීඩකයෙක්ට ඇමෙරිකාන් ඩොලර් 7500 ක් ලබා දුන්නා. හැබැයි ගිය අවුරුද්දේ ඒ ගාස්තුව ඇමෙරිකන් ඩොලර් 5000 දක්වා අඩු කර තිබුණා.

හැබැයි මේ අවුරුද්දේ ආයේත් ඒ මුදල ඩොලර් 7000 දක්වා වැඩි කරලා තියෙනවා. එනම් රුපියල් ලක්ෂ 11 කට වැඩි මුදලක්.

ඒ වගේම ක්‍රීඩකයින් ලබා ගන්නා ශතක, අර්ධ ශතක සහ කඩුලු අනුවත් දීමනා ගෙවීමේ ක්‍රමයක් හදුන්වා දී ඇති බවත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!