Gossip

“කවුරු නැතත් නත්තල් දවසට එයා මං ළඟ හිටියා” – රයිනි ගුණතිලක

ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් උත්සවය ඉතාමත් උත්සවශ්‍රීයෙන් ඊයේ දිනයේ නිමාවට පත්වුණා.

ඉතින් නත්තල ඉස්සර සැමරුවේ කොහොමද කියලා ප්‍රවීණ ගායන ශීල්පී රයිනි ගුණතිලක කිව්වේ මේ වගේ කතාවක්.

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා ද කියලා තේරෙන්නේ නැහැ. පොඩි කාලේ අපිට අංකල් කෙනෙක්ගෙන් හැමදාම ඇත්ත නත්තල් ගහක් එනවා. ඒක හිටවන්න හරි අමාරුයි. ඒත් අමාරුවෙන් ඒක හිටවලා ඒක සරසන එකට තමයි අපි කැමැති. පොඩි කාලේ අපිට තෑගි අරන් දෙන්න අම්මලාට සල්ලි නැති නිසා ගෙදරම තිබුණු එකක් තමයි ඔතලා තෑග්ගක් විදියට දෙන්නේ. අපේ නත්තල් ගහ තියෙන්නේ ගෙදර ආලින්දයේ. මට මතකයි එක නත්තලක ගෙදර අම්මා ගෙනාපු ලොකු සබන් කෑල්ලක් ඔතලා නත්තල් ගහ යට තිබ්බා අම්මාගේ නම ලියලා. උදේ බලනකොට ඒක බල්ලා කාලා තිබුණා. දෙසැම්බර් 24 රෑ පල්ලි අඳින ඇඳුම අපිට හරිම වැදගත්. හොඳම ඇඳුම තමයි පල්ලි අඳින්නේ. මට මතකයි සමහර අවුරුදුවල තාත්තා පල්ලියේ කැරොල් කණ්ඩායම පුරුදු කරනවා. මමත් තාත්තාත් එක්ක යනවා කැරොල් පුරුදු කරන තැනට. නත්තල ගැන මතක් කරනකොට මගේ ආච්චිව මතක් කරන්නම ඕනේ. කවුරු නැතත් නත්තල් දවසට මට මගේ ආච්චි හිටියා. මේ එයා නැති පළමුවැනි නත්තල.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!