Gossip

කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැහැ – මම නිසා එයත් අපහසුතාවයට පත්වෙනවා – මැණික් විජේවර්ධන

මැණික් විජේවර්ධන කියන්නේ මේවෙනකොට කවුරුත් දන්න රංගන ශිල්පිණියක්. ඉතින් ඇය ඇගේ අලුත් තොරතුරු කියලා තිබුණේ මේ විදියට.

මැණික්ව රංගනයට හඳුන්වලා දුන්නේ සිනමාව. නමුත් ඔබව දැන් සිනමා තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි..?
පහුගිය කාලේ මම චිත්‍රපටි දෙකකට සම්බන්ධ වුණා. රූගත කරලා අවසන් දැන් ඒවා. ළඟදි දවසක විකාශය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කොහොමත් නිතරම දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉඳහිටලා හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙනවා. ඒකයි නිතරම දකින්න නැත්තේ.

එහෙම නැතුව ප්‍රතික්ෂේප වෙලා නෙමෙයි ද ..?
අප්පෝ මාව එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ටෙලි නාට්‍යවලට තමයි මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ. ඒත් මම කැමති නැහැ ඒවාට සම්බන්ධ වෙන්න. මම සිනමාවෙන් ආව නිසා සිනමාවෙන් විතරයි දකින්න ලැබෙන්නේ.

ඒ ලැබෙන ආරාධනා අතර වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මොන වගේ චරිතවලට ද…?
බටහිර පන්නයට ජිවත් වෙන චරිත තමයි මට වැඩිපුරම ලැබෙන්නේ. ඒකට හේතුව මගේ භාහිර පෙනුම වෙන්න ඇති.

ඔය ආරාධනා අතරේ නිරුවත් වෙන්න වගේම අසභ්‍ය දර්ශන තිබෙන චරිතවලට ආරාධනා ලැබෙනවත් ඇති නේද …?
අපිට චරිත ලැබෙද්දී ඒ චරිතය පිටපතේ ලියැවිලා තියනවා. සමහර දර්ශන අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත ඉවත් කරලා රඟපාන්න පුළුවන්. මට ලිප්කිස් කරන දර්ශන ලැබිලා තියෙනවා. නමුත් මම ඒවා කරේ නැහැ. අධ්‍යක්ෂ එක්ක කතා කරලා ඒවා ඉවත් කරලා රඟපෑවා. ඔය රැල්ලට කැමති අය ඇති. නමුත් කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැහැ. ලැබුණත් යන්නෙත් නැහැ.

ඔබට අධ්‍යක්ෂවරුගෙන් අයුතු යෝජනා වැඩිපුර ලැබෙනවා කියන්නේ ඇත්තද …?
මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියෙනවා. සමහර විට මම නිතරම ඕපන් කතා කරන නිසා මමත් ඒවාට කැමති වෙයි කියලා හිතනවා ඇති. නමුත් මම ඒ වෙලාවට කියන්න ඕන දේ කියලා ඒ පුද්ගලයන්ගෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ නිර්මානවලටවත් මට කතා කරන්නේ නැහැ. ආයේ කතා කරන්නේ නැති වෙන්න තමයි මම උත්තර දෙන්නෙත්. මට ජනප්‍රියත්වය තියා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. මම අහම්බෙන් රංගනයට ආ කෙනෙක්. එහෙමයි කියලා ඔය දේවල් කරන්න ඕන නැහැ.

ඔබගේ අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා ගියා. ඒ දේ කරේ හිතාමතා කතා බහට ලක් වෙන්න ද..?
ඒ සිද්ධියේ සත්‍යතාවයක් නැහැ. මගේ වරදක් නැතිව සිදුවුණ සිදුවීමක් නිසා ඊට අදාල අයට එරෙහිව මම අධිකරණයේ නඩුවක් පවරලා තියනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුව විභාග වෙලා අවසන් වෙනකල්.

තවම තනිකඩ ද …?
ඔව්. තවම පෙම්වතියක් නම් නෙමෙයි. නමුත් ලබන අවුරුද්දෙවත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මනමාලයෝ හොයන එක නතර කරා. ගැලපෙන කෙනෙක්ව අම්මා හොයනවා මේ දවස්වල. ගොඩක් හොඳ කෙනෙක් අවංක ආදරයක් තියන කෙනෙක්ව තමයි මට ඕන. ඒ හැමදෙයක් වගේම අවබෝධය තියෙන්නත් ඕන. නැත්තම් පවුල් කන්න අමාරුයි.

කීදෙනෙකුට ආදරේ කරලා තියනවද ..?
මම තුන්දෙනෙකුට ආදරේ කරලා තියනවා. තුන්දෙනෙකුගේ පෙම්වතිය වුණා.

නළුවෝ ආදරේ ඉල්ලගෙන ඇවිත් නැද්ද ..?
නැහැ. කවදාවත්ම.

රූපය ලස්සනට තියාගන්න කීයක් වියදම් කරනවද ..?
ඇත්ත කිව්වොත් කවුරුවත්ම පිළිගන්න එකක් නැහැ. මම අඩුතරමින් පේෂල් එකක්වත් දන්නේ නැහැ.ක්‍රීම් වර්ග ආලේප කරන්නෙත් නැහැ. නමුත් මම හොඳට වතුර බොනවා. මගේ සම ටිකක් වෙනස් වෙන්න පටන් ගත්ත නිසා අම්මා මට ළඟදි විටමින් එකක් අරන් දුන්නා. එච්චරයි මම පාවිච්චි කරන්නේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නැහැ. මට නිවුන් සහෝදරියක් ඉන්නවා. මම වගේමයි. සමහර අය මම කියලා රැවටිලා එයත් එක්ක කතා කරනවලු. එයා ඉතින් බේරෙන්නේ ඒ මම නෙමෙයි මගේ අක්කා කියලයි. මම නිසා එයත් අපහසුතාවයට පත් වෙනවා

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!