Gossip

කල්මුණේ සැකකරුවන් ගැන ඊයේ පොලිසියට ඔත්තුව දීලා තියෙන්නේ මුස්ලිම් පල්ලියෙන්

කල්මුනේ, සයින්දමරදු ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයින් හා ඔවුන් පදිංචිව සිටින ස්ථාන ගැන ආරක්ෂක අංශවලට තොරතුරු ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් හා ඒ අවට සිටින මුස්ලිම් ජාතික පිරිස් විසින් බවට වාර්තා වනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ පිරිස්, එම ප්‍රදේශයේ සාමය ආරක්ෂාකර ගැනීමේ මෙහෙයුමට ආරක්ෂක අංශවලට පුර්ණ සහය පළකරමින් සිටින බවයි.

මෙසේ නැගෙනහිර මුස්ලිම් තරුණ පිරිස්වලින් හා මුස්ලිම් පල්ලි වලින් ආරක්ෂක අංශ වලට ලැබී ඇති සහය ඉහලින්ම අගය කළ යුතු බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන පුද්ගලයන්ගේ බවට සැක කෙරෙන සැක කටයුතු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගැනුණා.

ඒ සඳහා ද පොලිසියට ඔත්තුව ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයින් පිරිසක්.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එම ස්ථානයේ තිබුණු බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!