Gossip

“කලකිරීම ගැන කියන්න වචන නෑ. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහව දැනෙනවා. අපිට සමාවෙන්න” – පරාජයේ වේදනාව පිටවූ හැටි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු චරිත් සේනානායක මහතා සියලු ශ්‍රීලාංකේය ක්‍රිකට් රසිකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය සමඟ පසුගියදා පැවැත්වුණු තරගයෙන් පරාජය වීම ගැනත් ක්‍රීඩා ප්‍රේක්ෂකයන් ඉන්නේ හිත නොසතුටෙන්.
චරිත් සේනානායක මහතාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔස්සේ සටහනක් පලකරමින් සමාව ඉල්ලා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරවරයා සඳහන් කර තිබුණේ මෙවැනි අමිහිරි හැඟීමක් කිසිදාක නොදැනී ඇති බවයි.
“අබුඩාබිවලින් පැමිණීම අමිහිරි මෙන්ම සත්තකින්ම වේදනාකාරීයි. කලකිරීම ගැන කියන්න වචන නෑ. නිවසට පැමිණීම මහත් වේදනාකාරීයි.”
ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, . දැනෙනවා. අපිට සමාවෙන්න.
බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානව හොඳින් ක්‍රීඩා කළා. අපිට උපරිමය දෙන්න බැරිවුණා. එංගලන්ත තරගාවලියට හොඳින් එන්න බලාපොරොත්තුවෙනවා. මම දන්නේ නෑ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!