Gossip News

කන්ටේනරය තුල මියගිය තරුණිය යෑවු අවසන් පණිවුඩය..

එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරුවල අනන්‍යතාව මේ වනවිට අනාවරණය වෙමින් පවතියි.

එංගලන්තයේ එසෙක්ස්හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරු චීන ජාතිකයන්ගේ බව මුලින් අනාවරණය වුවත්, ඉන් 6 දෙනෙකු වියට්නාම ජාතිකයන් බව මේ වනවිට අනාවරණය වෙමින් ඇත.

වියට්නාමයේ පවුල් කිහිපයක් මෙම මියගිය පිරිස අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මියගිය පිරිස අතර, 26 හැවිරිදි ෆාම් තායි ට්‍රා මයි නමැති වියට්නාම තරුණියද සිටින අතර , ඇය මෙම ඛේදවාචකය සිදුවන දිනයේ තමාට හුස්ම ගැනීමට නොහැකි බවට කෙටි පණිවුඩයක් සිය මව වෙත එවා තිබෙනවා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ද ඇතුළුව පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!