Gossip

කතරගම පූජා භූමියේ වෙඩි පත්තු වෙයි – විහාරාධිපති හිමියන් සහ තවත් හිමි නමකට තුවාල

කතරගම පූජා භු‍මියේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර එයින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හා අනෙක් හිමිනම මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ(12) රාත්‍රී 11 ට පමණ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා.

විහාරාධිපති හිමියන්ගේ උදරය ප්‍රදේශයට වෙඩි ‍ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකක‍යේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් වෙඩි තැබූ පුද්ගලයින් මෙතෙක් හඳුනා‍ ගෙන නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!