ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.
නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී තිබුණු අතර අද අළුයම සිදුකළ සැත්කමකින් පසුවයි උන්වහන්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ.