Health & Beauty

කඩවසම් කොල්ලන්ට ලස්සනට අදින්න උපදෙස් ටිකක් මෙන්න

ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හමේ පාට ගැන නිරීක්ෂණය කරලා බැලුවාම මධ්‍යස්ථ වශයෙන් ඉන්නේ තලෙළු පුද්ගලයින්. අපිට ලැබිලා තියන මේ හමේ පාට ලෝකේ අනිත් රටවල මිනිස්සු බොහොමයක් අගය කරනවා.
විශේෂයෙන්ම මේ තලෙළු පාට කොල්ලන්ගේ කඩවසම් බව ඉස්මතු කරලා පෙන්වනවා.
මේ ලැබිලා තියෙන හමේ පාටත් එක්ක ආවේනික වර්ණයන් සහිත ඇදුම් ඇදීමේ හැකියාව තිබෙනවා.
එ වගේම මේ ලැබිලා තිබෙන අවිහිංසක වර්ණය සමරන්න වගේම තවත් ඔයා කොච්චර කඩවසම් ද කියලා ලෝකයට පෙන්වන්න ඇදුම් තෝරාගන්නකොට මේ දේවල් අනුගමනය කරන්න.

Sorbet වර්ණ තමා ඔයාට ගැලපෙන හොදම වර්ණ.
ඔයාට ලැබිලා තියෙන මේ තලෙළු හමේ තිබෙන ස්භාවිකත්වය තවත් පෙන්වන්න sorbet වර්ණාවලියට අයත් වන lemon yellow,powder blue, peach—you, my man යන
වර්ණයන්ගෙන් යුතු ඇදුම් භාවිතා කරන්න.
අනිවාර්යයයෙන් මේ දේ මතක තියාගන්න. තියුණු වර්ණ ඔබට ගැලපෙන්නේ නැහැ.
ඒ නිසා තියුණු වර්ණ භාවිතය නවත් වන්න. තලෙළු හමේ තිබෙන දීප්තිය සුදු වැනි දීප්තිමත් වර්ණ වලින් අවම කරනවා. ඔයාගේ පෙනුම අවුල් සහගත තත්වයකට පත්කරනවා.
ඒ නිසා ඔයාට ඔයාගෙ පෙනුම වැඩි කරගන්න උවමනානම් ඉහතින් සදහන් කල වර්ණ භාවිතා කරන්න පුරැදු වෙන්න.

Quirky socks නිශ්පාදනය කරලා තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්මයි. මේ මගින් ඔයාගේ පාද ඔපවත් කරලා පෙන්වනවා. ඔයාගෙ ආසම පාවහන් සමග Quirky socks පැළදීම
මගින් ආකර්ශණය යොමු කරවාගන්න කොල්ලනේ ඔයාලට හැකියාව තියනවා.

Classic style ඔබට වඩාත් ගැලපෙනවා. Sorbet වර්ණ සමග ඔබට Classic style එකට dress කරන්න.
එතකොට ඔයාව ගොඩක් සරාගී විදිහට ලෝකයාට පෙන්වන්න පුළුවන්.

කෙල්ලො වගේම කොල්ලොත් කැමතී ACCESSORIES වලට. ගොඩක් පිරිමි අය කැමති විවිධ වර්ගයේ අත්ඔරලෝසු පළදින්න. ඔයා තලෙලු හමකින් යුතු කෙනෙක් නිසා රත්තරන් හෝ රිදී ආලේපිත අත්ඔරලෝසු භාවිතා කරන්න. ඔයා sporty watches භාවිතා කරන කෙනෙක්නම් සුදු පාට පසුබිමක් ඇති මුහුණක් සහිත sporty watches භාවිතා කරන්න.

තලෙළු හමට අනිවාර්යෙන් තමන්ගේ hair color එකත් වැදගත් වෙනවා. Golden brown සමග red highlights ඒ වගේම Flame red වැනි hair color මගින් ඔයාට පුළුවන් තමන්ට ලැබිලා තියෙන තලෙළු වර්ණය තවත් ඉස්මතු කරලා පෙන්වන්න.

ඉතිම් මේ දෙවල් ටික අපේ කඩවසම් කොල්ලො ටික try කරලා බලන්න. ඔයාලට අනිවාර්යෙන් පුළුවන් වේවි ලැබිලා තියෙන හමේ වර්ණයත් එක්ක ගොඩක් සරාගී විදියට කා අතරත් කැපී පෙනෙන කෙනෙක් බවට පත්වෙන්න.

මොකද අපි ඉපදිලා තියෙන්නේ ලෝකෙ තියෙන අවිහිංසකම සහ ලස්සනම වර්ණයත් එක්ක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!