Gossip

කට්ටක් කාලා ආසාවෙන් බයික් එකක් ගත්තු එකෙක් – උඹේ අම්මට තාත්තට තරම් උඹව මේ ලෝකෙ වෙන කාටවත් මතක තියෙන්නෙ නෑ

සමහරවිට මේ ෆොටෝ එකා අද දවසේ වැඩියෙන්ම බුකිය පුරාම සැරිසරන ෆොටෝ එක වෙන්න පුලුවන් ඒත් මේ කතා කරන්නෙ ඒ ගැ නෙවෙයි ඒ ගැන ගොඩක් අය කතා කරනවා.

කොල්ලෙක් උන උඹත් මමත් මගෙයි උඹෙයි මහන්සියෙන් දුක් විඳලා හම්බ කරලා බයික් එකක් වාහනයක් ගන්නෙ සෑහෙන්න ආසාවල් හිතේ තියාගෙන. මුලින්ම තමන්ගෙම කියලා බයික් එකක් ගත්තු දවස ගොඩක් කොල්ලන්ගෙ ජීවිතේ අමතකම නොවෙන දවස්වලින් එකක් වෙන්න පුලුවන් මොකද එහෙම දුකක් විඳලා කට්ටක් කාලා ආසාවෙන් බයික් එකක් ගත්තු එකෙක් දන්නවා එදාට ඒ දැනෙන හැඟීම මොන වගෙද කියලා.
හෙමීට ටික ටික ස්ටිකර් පාරක් ගහලා බීට් එකක් ගහලා හෙල්මට් එකක් ග්ලවුස් දෙකක් අරගෙන , බයික් එක මොකක් උනත් තියෙන බයික් එක තමන් ආස කරන විදිහට හැඩ කරලා පාරෙ යද්දි එහෙමත් පොඩි ගැම්මකින් තමා යන්නෙ ඒක ගැම්මක්මත් නෙවෙයි ඕන එකෙක් එහෙම තමා ඒත් ගොඩක් උන් ඒක ශෝ එක විදිහට දකින්නත් පුලුවන් ඒත් උන් මොනවා හිතුවත් ඒක උඹටයි මටයි අදාල නෑ මොකද උඹටයි මටයි තියෙන එකම වාහනේ මේක නිසා ඒකෙ උනත් යන්නෙ හෙන උජාරුවෙන් ඒ තරමට උඹයි මමයි ඒකට පට්ට ආදරෙයි.

ඔය දේවල් ඔහොම උනාට සමහර වෙලාවල් තියෙනවා එකසැරේම හිතෙනවා ආතල් එකට වගෙ රේස් යන්න හයියෙන් යන්න ස්ටන්ට් කරන්න ඒ දේවල් කරලා ඒවා නිසා අපි සෑහෙන්න ලොකු ආතල් එකක් වගෙම අමුතුම විදිහෙ සතුටකුත් ලබනවා , යාලුවො සෙට් වෙනවා බයික් රයිඩ්ස් යනවා ආතල් දානවා ඔහොම ඔහොම කාලය ගෙවිලා යනවා ඒ වෙනකොට උඹයි මමයි බයික් රයිඩින් ගැන යම් දැනුමක් තියෙන සෙට් එකේ උන් අතර වැඩ්ඩෙක් , ස්ටනර් කෙනෙක් , සුපිරි රයිඩර් කෙනෙක් වෙන්න පුලුවන් ඒත් මචං එහෙම මිනිස්සුන්ටත් වැරදුන අවස්තාවල් ඕනතරම් උඹලා දැකලා තියෙනවනේ ? උදාහරණයක් විදිහට යතුරුපැදි ශූර #ආන්න්ද_වෙඩිසිංහ උනත් පුංචි වැරදීමක් නිසයි ජීවිතෙන් සමු අරගත්තෙ.
ඉතින් අන්න ඒ වගේ එකම එක තප්පරයක් ඇතුලතදි උඹෙයි මගෙයි ජීවිතේ බයික් ගැන මොන දැනුම තිබුනත් උඹයි මමයි මොන තරම් සුපිරි වැඩ්ඩො උනත් ඒ තප්පරේ උඹෙයි මගෙයි ජීවිත කතාව ගොඩාක් දුරට වෙනස් කරන්න ඉඩ තියෙන්න පුලුවන්.

කොල්ලො තමයි ආතල් ගන්න ඕනෙ තමයි හයියෙන් යන්න ඕනෙ තමයි බයික් තියෙන්නෙ හෙමින් යන්න නෙවෙයි තමයි එහෙමයි කියලා හෙමින් පලයං ආතල් ගන්න එපා කියන්නෙ නෑ ,
කියන්නෙ මෙච්චරයි

මචං ,

උඹෙයි මගෙයි අම්මයි තාත්තයි දෙන්නා උඹවයි මාවයි අවුරුදු ගානක් තිස්සෙ දුක් විඳලා ලොකු මහත් කරලා බලාපොරොත්තු වෙන්නෙ කවදහරි දවසක ඒ මිනිස්සු මැරුනම උඹෙයි මගෙයි කරපිටින් අන්තිම ගමන යන්න , එහෙම නැතුව බල්ලො බලල්ලු වගේ පාරවල් ගානෙ තැන් තැන් වල මැරිලා ඉන්නවා දකින්න නෙවෙයි , සදාතනික අබ්බගාතයො වෙලා අතපය කඩාගෙන ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා දකින්න නෙවෙයි.
උඹලා දන්නවද තමන්ගෙ දරුවෙක් එහෙම ඉන්නවා දකිනකොට අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පපුවට දැනෙන වේදනාව?
උඹත් ඒ වේදනාව උඹෙත් අම්මා තාත්තා දෙන්නට අත්විදින්න දෙන්න ඕනෙද ?
අද වෙනකොට ගොඩක් උන්ගෙ වැරදි නිසා ගොඩක් උන්ට උන අත්වැරදීම් නිසා ගොඩක් අම්මලා තාත්තලාට වෙලා තියෙනවා එයාලගෙ කරපිටින් පුතාගෙ මිනිය අරගෙන යන්න ඒ තත්වෙ මෙහෙම ගියොත් උඹෙයි මගෙයි අම්මා තාත්තා දෙන්නටත් උදා වෙන්න පුලුවන් ඒ දේ එහෙම වෙනවද නැද්ද කියන තීරණේ තියෙන්නෙ උඹෙයි මගෙයි අතේ අන්න ඒක හොඳට තේරුම් අරගෙන පරිස්සමින් ඔය කරන දෙයක් කරපං මේක හුඟක් ආදරෙන් කියන්නේ මොකද උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්. ?

යාලුවො අඬයි බුකියෙ පෝස්ට් දායි නයිට් ගහයි බැනර් ගහයි වලලන දාටත් බයික් ටික ඉස්සරහින් තියාගෙන ගිහින් වලලලා ගෙදර යයි හත් දවසට එයි තුන්මාසෙට එයි අවුරුද්දට එයි දෙකට තුනට හතරට පහට මතක තිබුන එකෙක් හිටියොත් එයි,
ඒත් අර හැම වේදනාවක්ම එක්ක උඹේ ඉතිරි උන මතකයන් එක්ක උඹේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියො හැමදාමත් පිච්චි පිච්චි වේදනාවෙන්ම ජීවත්වේවි මොකද උඹේ අම්මට තාත්තට තරම් උඹව මේ ලෝකෙ වෙන කාටවත් මතක තියෙන්නෙ නෑ ඒකයි.

ඉතින් මේ කියලා තියෙන දේ ගැනත් පොඩ්ඩක් උඹයි මමයි දෙන්නා හිතලා බලමු.
යකඩ ගොඩක් වෙනුවෙන් මැරෙනවට වඩා අම්මා තාත්තා වෙනුවෙන් ජීවත් වෙන එක මොන තරම් වටිනවද කියලා එකෙක් හරි තේරුම් ගත්තා නම් ඒකයි වටින්නේ

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!