Gossip

ඕෂධීගේ විවාහයත් දෙදරයි? පවුල්වල ප්‍රශ්න වෙනවා – නැති වුණ දෙයක් තියෙනවා නම් ඒක වෙන්නේ හොඳකට

ඕෂධී හිමාෂා කියනවාට වඩා මැය බොහෝ අය අතර ජනප්‍රිය ආශාවරී කියන නමින්. ඉතින් ඇයගේ විවාහයත් මේවන විට දෙදරා ඇති බවට හැමතැනම කතාවක් පැතිරෙමින් තියෙනවා. පවුල්වල ප්‍රශ්න වෙනවා. රණ්ඩු සරුවල් ඇති වෙනවා. ඒ ගැන මම එතැනින් එහාට කතා කරන්න කැමැති නැහැ කියලා තමයි ඇය කියලා තියෙන්නේ. මේ එම පුවත්පත් සාකච්ඡාවයි

ඕෂධි මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?
ඇත්තටම මේ දවස්වල ලොකුවට කාර්යබහුල නෑ. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන සතුටින් ඉන්නවා.

‘වස්සානයේ සඳ’ චිත්‍රපටයෙන් පස්සේ ඕෂධි කියන රංගන ශිල්පිනියට මොකද වුණේ?
චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයක් කළා. ‘මං මිස් ජෙනිස්’ චිත්‍රපටයෙත් රූගත කිරීම් ඉවර කළා. ඒ චිත්‍රපටය ඉක්මනින්ම රිලීස් වෙයි කියලා හිතෙනවා.

ඕෂධී වැඩි බර තියලා තියෙන්නේ නිරූපණ කටයුතුවලටද? රංගන කටයුතුවලටද?
මම ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදියට. ඉතින් නිරූපණ කටයුතුවලට වැඩි නැඹුරුවක් තියෙනවා. ඒ අතරතුරේ සිනමාවේ හොඳ නිර්මාණ ලැබුණොත් ඒ නිර්මාණවලට දායක වෙනවා.

ජනප්‍රිය නිරූපිකාවන් දැන් පුංචි තිරයෙත් ජනප්‍රිය මුහුණු වෙලා. ඒත් ඕෂධී පුංචි තිරයට ඇවිත් නෑනේ?
පුංචි තිරයට ආරාධනා ගොඩක් ලැබුණා. මම ගොඩක් නිදහස හොයන කෙනෙක්. ඉතින් ඒ නිදහසට ලොකු බාධා ඇති කරගන්න මම කැමැති නැහැ. ඒ නිසා ඒ නිර්මාණවලට දායක වුණේ නැහැ.

ඒ කියන්නේ නිදහස වෙනුවෙන් අනෙක් හැමදෙයක්ම ඈත් කරනවද?
මට එක දිගට වැඩ කරන්න අමාරුයි. වැඩ ගොඩක් පටලගෙන කරද්දි එක දෙයක්වත් හරියට කරන්න බැරි වෙනවා. අපේ මුහුණ, හැඩරුව නිසා තමයි අපේ ජොබ් එක රැඳිලා තියෙන්නේ. ඒ නිසා මම ලොකුවට වෙහෙසෙන්න කැමැති නෑ. අපි වැඩිපුර වෙහෙස වුණු ගමන් ඒක මුහුණෙන් පේනවා. ඒ නිසා මගේ නිදහස සහ මට යම් නිර්මාණයක් වෙනුවෙන් කාලය හදාගන්න පුළුවන්ද කියන දේ හිතලා තමයි මම හොඳ නිර්මාණ භාරගන්නේ.

දැන් නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ අයට තියෙන්නේ හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට ප්‍රතිරූපය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිත් නැද්ද?
මම හදාගත්ත නම එක්ක මට වැඩ එනවා. දැන් පඳුරකට ගැහුවත් නිරූපිකාවන් විසි වෙනවා. සුදුසුකම් නැති අයත් ක්ෂේත්‍රයට එකතු වෙලා. ඒකත් එක්ක කොලිටිය බාල වෙලා තිබෙනවා. ඒ ගැන කලකිරීමකුත් තියෙනවා. අපිට ක්ෂේත්‍රයේ හැමදාම එල්ලිලා ඉන්න බෑ. වයසට යද්දී වැඩ අඩු වෙනවා. පුළුවන් කාලේ ලැබෙන වැඩ ටික කරගෙන ඉඳලා අලුත් අය එද්දි ඒ තැන ඔවුන්ට දෙන්න වෙනවා.

රංගන ශිල්පිනියන්ට, නිරූපණ ශිල්පිනියන්ට අයුතු යෝජනා වැඩියිලු. ඕෂධීට එවැනි අයුතු යෝජනා ඇවිත් නැද්ද?
රූපය ලස්සන නම් ඕනම වෘත්තීය මට්ටමක ගැහැනු ළමයෙක්ට අයුතු යෝජනා එනවා. නිරූපණ ක්ෂේත්‍රයේ අය වැඩිපුර පේනවා. අපිට සංස්කෘතියට පටහැනි විදියට අඳින්න පලඳින්න වෙනවා. ඒවත් එක්ක මිනිස්සු අපි දිහා බලන විදිය වෙනස්. අයුතු යෝජනා එනවා. ඒත් ඒවා පිළිගන්නවද නැද්ද කියන දේ තියෙන්නේ තමන්ගේ අතේ. මගේ ජීවිතේ මට නම් එහෙම යෝජනා ඩිරෙක්ට් ඇවිත් නැහැ. හැබැයි ෆේක් එකවුන්ට්වලින් දන්නේ නැති ෆෝන් නම්බර්ස්වලින් විවිධ මැසේජ් නම් ඇවිත් තියෙනවා.

ඕෂධීට ජීවිතේ මේ තාක් ලැබිච්ච දේවල් ගැන සතුටුද?
ඔව්. මට ලැබුණු දේවල් ගැන සතුටුයි. මට වැඩිපුරම ලැබුණේ ප්‍රේක්ෂක ආදරය. මාව මුළු ලංකාවම දන්නවා කියලා මම කියන්නේ නෑ. හැබැයි මේ වෙනකොට මට සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

ලැබීම් වගේම ඕෂධීගේ ජීවිතේ නොලැබීම් ඇති නේද?
නොලැබුණු දේවල් තියෙනවා. හැබැයි මම ඒ ගැන ඒ තරම් හිතන්නේ නෑ. ඈත් වුණු දෙයක් නැති වුණ දෙයක් තියෙනවා නම් ඒක වෙන්නේ හොඳකට.

ඕෂධීගේ ජීවිතේ ළඟින් හිටපු විශේෂම කෙනා ඈත් වෙලා ගිහින් කියන්නේ ඇත්තද?
පවුල්වල ප්‍රශ්න වෙනවා. රණ්ඩු සරුවල් ඇති වෙනවා. ඒ ගැන මම එතැනින් එහාට කතා කරන්න කැමැති නැහැ.

මොනවද ජීවිතේ ඉදිරිය ගැන තියෙන බලාපොරොත්තු?
ජීවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මම සල්ලි පස්සේ හඹාගෙන යන්නෙත් නෑ. මේ කරන වැඩ ටික කරගෙන සතුටින් ජීවත් වෙනවා. නිරූපණ ක්ෂේත්‍රයේ වුණත් තව අවුරුදු දෙකක් තුනක් ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ව්‍යාපාරයකට අතගහන්න හිතාගෙන ඉන්නවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!