Gossip

ඔයා සෙක්සි වෙන්න යන්න එපා ස්වීට් වෙන්න කියලා තමයි ගොඩක් අය කියන්නේ – ඕෂධී හිමාෂා

මගේ ජීවිතයෙ එහෙම ලොකු සිහින තිබුණෙ නැහැ. නිළියක්වීම හෝ නිරූපිකාවක වීම කියන දේ ගැන කවදාවත් හිතලාවත් තිබුණෙ නැහැ. නමුත් ඒ සෑම දෙයක්ම සිදුවුණේ අහම්බයකින්.

ඒ අහම්බය ගැන කිව්වොත් එතකොට මම පාසල් අධ්‍යාපනය අවසන් කරලා තිබුණා. අපේ පුංචිම සැලෝන් එකක් තිබුණා. පුංචි තමයි මුලින්ම මාව එයාගෙ හැඩගැන්වීම් කටයුත්තකට ගත්තෙ. ඒ විදියට අහම්බයෙන් පැමිණි ගමන තමයි මාව අද මේ තරම් දුරකට රැගෙන ආවේ.

නිරූපිකාවක සහ මියුසික් වීඩියෝ නිරූපනය නිසා බොහෝ දෙනා අතර ආන්දෝලාත්මක කතාබහකට ලක්වූ ඕෂධී හිමාෂා තමයි මේ විදියට කියන්නෙ. අද ඇය අපට හමුවන්නේ නිරූපණයට එහා ගිය රංගන ශිල්පිනියක ලෙසයි. මේ දිනවල ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ උදයකාන්ත වර්ණසූරීයගේ ‘වස්සානයේ සඳ’ චිත‍්‍රපටය නිසයි. එහි නටාෂාගේ චරිතයට රංගනයෙන් දායකව සිටින ඕෂධී සමග කළ පිළිසඳරකි මේ.

ඕෂධී එදා ඇත්තටම ඔබගෙ අරමුණ වුණේ?
ලොකු අරමුණු තිබුණෙ නැහැ. පොඩි කාලයේදී හැමෝම හිතන විදියට වෛද්‍යවරියක්, ඉංජිනේරුවරියක්, නීතිඥවරියක් වෙන්න හිතුවෙ නැහැ. නමුත් ගුවන් සේවිකාවක වීමේ අදහස තමයි තියෙන්නෙ කියලා, මගෙන් කවුරුහරි ඇහුවාම කිව්වා.

එතකොට සමාජගත වෙන්න හිතුවෙ?
මම කිව්වෙ මට ලොකු බලාපොරොත්තු තියා ගන්න තරම් කාලයක් තිබුණෙ නැහැ. එක පාරටම වගේ තමයි ක්ෂේත‍්‍රයට එන්න ලැබුණෙ. එතකොට යාන්තමට අවුරුදු 18 පසු වුණා විතරයි. ඒ මොහොතේ ලැබුණු දේ කළා. ඒක ඇත්තටම ලොකු අරමුණු ඇතිව ආ ගමනක් නෙවෙයි.

ඒ අහම්බයෙන් ආ ගමන අද වනවිට ඔබට ගෙනැල්ලා දීලා තියෙන දේ මොනවද?
ඒ අහම්බය මට වාසනාව තමයි ගෙනැල්ලා දුන්නෙ. ඒ නිසා මම හරි සතුටින් ඉන්නෙ.

ඒ විදියට සතුටින් සිටින්නෙ නිරූපන ක්ෂේත‍්‍රය නිසාද? නැත්නම් වෙන දෙයක් නිසාද?
නිරූපණ ක්ෂේත‍්‍රයේ නොහිතපු තරම් තැනකට එන්න පුළුවන් වුණා. අද දවස වන විට මට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ මම රඟපෑ පළමු චිත‍්‍රපටය නිසයි. නිරූපනයේදී වගේම මියුසික් වීඩියෝ නිරූපනය නිසා ලැබෙන රසික ප‍්‍රතිචාර ඉහළයි. ඒ සියල්ල නිසා තමයි සතුටු.

‘වස්සානයේ සඳ’ චරිතය ගැන කිව්වොත්?
ඒකත් අහම්බයක්. පුවත්පතක මුල් පිටුවෙ පළවෙලා තිබුණු මගේ ඡායාරූපයක් දැකලා උදයකාන්ත මහතා මට කතා කළා. එතුමා මුලින්ම හිතලා තියෙන්නෙ මේ චිත‍්‍රපටයේ මිහිරිගේ චරිතයට මාව ගන්නයි. ඒත් දැකපු ගමන් ඔයා ඒකට හරියන්නෙ නැහැ කියලා කිව්වා. ඒ නිසා මුලින්ම මාව ප‍්‍රතික්ෂේප වුණා. ඊට සතියකට විතර පස්සෙ එතුමා ආයෙත් මට කතා කරලා නටාෂාගේ චරිතයට ඕෂධී ගැලපෙන බව කිව්වා. ඉතින් ඒ වගේ අධ්‍යක්ෂවරයකු වෙතින් ලද ඇරයුම මම ඉතා ගෞරවයෙන් බාර ගත්තා. මගේ ජීවිතය හැරවුණේ මෙතැනින් කියලයි මම හිතන්නෙ. මේ චිත‍්‍රපටය උදයකාන්ත මහතාගේ 22 වන චිත‍්‍රපටයයි. මගේ ප‍්‍රථම සිනමා රංගනයයි.

මේ චරිතය ගැනත් කියමු?
නටාෂා කියන්නෙ හුරුබුහුටි දඟකාර චරිතයක්. ඒත් සරළව ජීවත්වන ශ්‍රී ලාංකික යුවතියක්. එයා ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ. ශ්‍රී ලාංකික නමුත් බටහිර තාලෙට හැඩ ගැසුණු චරිතයක්.

දැන් මේ එක්ක තවත් චරිත රංගනයන් සඳහා ආරාධනා ලැබිල ද තියෙන්නේ?
‘වස්සානයේ සඳ’ මට ගෙනාවෙ වසන්තයක්. මේ නිසා තවත් චිත‍්‍රපට දෙකක රඟපෑමට අවස්ථාව ලැබුණා. හර්ෂ උඩකන්ද මහතාගේ ‘ෆේසු ටූ ෆේස්’ සහ සුසිරන් ද සිල්වාගේ ‘මං මිස් ජෙනී’ ඒ චිත‍්‍රපට දෙකයි.

සිනමා රංගනයේදීත් ඔබ සිීමාවක් ගැන හිතන්නෙ නැද්ද?
මියුසික් වීඩියෝ නිසා මම විවිධාකාර අන්දමේ ප‍්‍රතිචාර ලද කෙනෙක්. ‘ආශාවරී’ මියුසික් වීඩියෝවට පෙනී සිටියාම මට ආදරය කරන බොහෝ දෙනා මට බැන්නෙ නැහැ. නමුත් එයාලා මගෙන් ආයාචනය කළේ අපි ඔයාට ආදරෙයි. ඇයි ඒවාට පෙනී සිටියේ කියලයි. අක්කි ඔයා සෙක්සි වෙන්න යන්න එපා, අපි ඔයාට ආදරෙයි, කියලා තමයි බොහෝ දෙනා කිව්වේ. ඒ නිසා මම මගේ චරිත කළු පැල්ලමක් කර ගන්න උත්සාහ ගන්නෙ නැහැ. ලංකාව වගේ සදාචාරයක් සංස්කෘතියක් තියෙන රටක චරිත තෝරා ගැනීමේ දී ඒ විදියට කළ යුතුම වෙනවා.

සමහරු ‘සම්භාව්‍යයයි’ කියන ලේබලයේදී එය වෙනස් කරනවා. ඔබට සම්භාව්‍ය ගණයේ චිත‍්‍රපටයක් ලැබුණොත්?
සමහර මිනිස්සු මාව මනින මිම්මක් තියෙනවනෙ. ආශාවරී නිසා එහෙම වුණේ. නමුත් මිනිස්සු මට ආදරය කරන බව මම වටහා ගත්තා. අක්කි ඔයා ස්වීට් වෙන්න කියලා බොහොම ආදරයෙන් මට කියන්නෙ. ඉතින් මගේ වගකීමක් එයාලා හිතන විදියට ආදරණීය සුන්දර චරිත රඟපෑම.

ඕෂධී’ හරි ගණං කියන්නෙ
මම හරි අහංකාරයි කියලා සමහරු හිතනවා. ඇත්තටම මම එහෙම නැහැ. මම හොඳට පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක්.

මෙහි ඔබ ආදරය කරන්නෙ සංදේෂ්ට, ඇත්තටම ඔබ ආදරේ කාට ද?
ආදරය ගැන ගොඩක් දේ කියන්න පුළුවනි. මේ වෙද්දි මම හොඳට ආදරය විඳින කෙනෙක්. යාළුවන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් රසික රසිකාවියන්ගෙන් ලබන ඒ ආදරය එක්ක තමයි ඕෂධීගේ ජීවිතය ගලා යන්නෙ.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!