Gossip

“ඔයා දන්නවනේ අපේ ගෙදරින් ඔයාට කවදාවත් කැමති වෙන්නේ නෑ කියලා” – ගරාජ් රස්සාවක් කරපු නිසා අතහැරපු පෙම්වතාව වසරට 7 කට පසු මුණගැසුණු විට පෙම්වතියට හීන් දාඩිය දැම්මා

මේනාකට සම්පත්ව මුලින්ම හම්බ වෙද්දි ඇය සාමාන්‍ය විභාගය ලියන්න ක්ලාස් යනවා.
සම්පතුත් මේනකාත් යාළුවෝ විදිහට මුලින් හදුනගත්තත් කාලෙත් එක්ක ඒක යාළුකමක් විදිහට විතරක්ම පවත්වගෙන යන්න ඔවුන්ගේ නව යොවුන් හිත් ඉඩ දුන්නේ නෑ.
කොහෙම හරි කුළුදුලේම පෙම්වතුන් බවට පත් වුණු ඔවුන් දෙන්නා ඊට පස්සේ සාමාන්‍ය පෙළට පන්ති ගියේ එකටමයි.
සම්පත් පොඩි කාලේ ඉදන්ම දුකට හුරු ජීවිතේට උරුමකම් කියපු කෙනෙක්.
තාත්තා පොඩි කාලේම ඔවුන් දාලා නොඑන ගමන් ගියාට පස්සේ සම්පත්ගේ අම්මා තමයි පවුලේ බර කරට ගත්තේ.
අහු වෙන මොකක් හරි පොඩි රස්සාවක් කරපු සම්පත්ගේ අම්මා සම්පත්ට පුලුවන් විදිහට ඉගෙන ගන්නත් සල්ලි දුන්නා.
සම්පත්ට අනෙක් ළමයින්ට වගේ සාමාන්‍ය පෙළට විෂයන් කීපෙකට පන්ති යන්න තරම් වත්කමක් තිබුනේ නෑ.
ඔහු පංති ආවේ ගණිතය විෂයට විතරයි. ඒ වගේම සම්පත් අධ්‍යාපනයට ලොකු දක්ස්කමක් දැක්වුවෙත් නෑ.
අනෝමා මහලොකු සල්ලියක් නැතත් හොදට කාලා බීල ඇඳලා ඉන්න පුලුවන් හැකියාව පවුලක එකම දරුවා.
මේනකාගේ තාත්තත් හොද රැකියාවක් කරපු නිසා ඔවුන්ට එහෙම ලොකු ආර්ථික ගැටළු තිබුනේ නෑ.
ඒ වගේම මේනකා අධ්‍යාපනයට හොදින් දස්කම් දක්වපු සිසුවියක්.
ඉතිං කාලෙත් එක්ක ඊට පස්සේ සාමාන්‍යපෙළ විභාගය දෙන්නම එකට ලියලා ප්‍රතිඵල එනකම් හිටියා. “සම්පත් මම විභාගේ පාස් ඒ 9 ක් තියෙනවා” විභාගේ ප්‍රතිඵල දැනගත්තට පස්සේ මේනකා සම්පත් හොයන් ගියා. ” ශා නියමයි සුදු ඔයාට ඔය විදිහටම කැම්පස් යන්නම හොදට වැඩ ටික කරන්න” සම්පත් උත්තර දුන්නේ ඇත්තටම හිතා පුරා සතුටින්.”ඉතිං කියන්නකෝ ඔයාට මොකද උනේ”
මම නම් විභාගේ ෆේල් සුදු. ඒක ගානක් නෑ මම කොහොමත් ඔහොම වෙයි කියලා දැනගෙන උන්නා.
මම දිගටම පන්ති ආවෙත් නෑනේ. කොහොමත් මම රස්සාවක් කරන්න වෙනවා අම්මට හැමදාම වැඩ කරන්න බෑනේ” විභාගය අසමත් උනාට ලොකු දුකක් සම්පත්ගේ හිතේ තිබුනේ නැත්තේ ඔහුට ඉස්සරහට ඉගෙන ගන්න තරම් ආර්ථික තත්වයක් නැති බව ඔහු හොදටම දැනගෙන හිටපු නිසාමයි.
මේනකා ඊට පස්සේ හොදට උසස්පෙළ විභාගයට මුහුණ දුන්නා.
සම්පත් ගෙවල් ළඟ ගරාජ් එකක රස්සාවට ගියා. හැමදාම උදේ ඉදලා හවස් වෙනකම් වාහස අස්සේ මජන් නාගෙන වැඩ කරපු සම්පත්ගේ හිතට සතුටත් උනේ මේනකාව සති අන්තෙක දවසක ඉද හිට හම්බවෙන පැය කීපය විතරයි.
උසස්පෙළ විභාගය ඉහලින්ම සමත් වුණු මේනකා ඊට පස්සේ කැම්පස් යන්න සුදුසු කම් ලැබුවා.
“මට ගොඩක් සතුටුයි සුදු ඔයා හොද තැනකට යයි. ඔයා කවදාවත් මාව අමතක කරන්නේ නෑ නේද” “ඔයාට පිස්සුද මම කවදාවත් ඔයා අමතක කරන්නේ නෑ” ඊට පස්සේ මේනකා කැම්පස් යන්න බෝඩිමක නතර උනහම සම්පත්ට ඇයව නිතර හම්බ වෙන්න බැරි වුණා.
හැබැයි මේනකාගේ අධ්‍යාපන වැඩ වලට සම්පත් සල්ලි වලින් ගොඩක් වෙලාවට උදව් කරා.
ඔහොම කාලේ ගෙවිලා ගිහින් යද්දි සම්පත්ට තේරුනා මේනකා තමන්ව ටිකක් මග අරින බව. සෑහෙන කාලෙකට පස්සේ මේනකා සම්පත්ව බලන්න ආවා.
“සම්පත් මට දැන් ලගදි රජයේ රස්සාවකුත් ලැබෙන්න තියෙනවා. අපේ ගෙදරින් ඔයා දන්නවනේ ඔයාට කවදාවත් කැමති වෙන්නේ නෑ කියලා ඔයාගේ ජොබ් එක දැනගත්තහම.
ඒ නිසා ඔයා වෙන ජොබ් එකක් හොයාගන්න එතකම් ටික දවසකට අපි මේ සම්බන්ධය නවත්වමු.” මේනකාගේ වචන වලට සම්පත්ගේ හදවත දුකින් පිරෙන්න ගත්තා.
ඔහුට ඔහු ගැනම ලොකු කලකිරීමක් ඇති වුණා. ගෙදර ඇවිත් සම්පත් හොදටම ඇඩුවා. “ඇයි අම්මේ අපි මෙහෙම දුප්පත් වෙලා ඉපදුනේ” සම්පත් ලගට ඇවිත් ඔහුගේ ඔළුව අතගාපු අම්මගෙන් ඔහු ඇස්වල කදුලු පුරවන් ඇහුවා.
තමන්ගේ පුතාගේ දුක තේරුම් ගන්න අම්මා කෙනෙක්ට අමුතුවෙන් ඇස් වල කදුලු දකින්න ඕනෙත් නෑ.
සම්පත්ගේ ඔළුව අතගාන ගමන් අම්මා සම්පත්ට හොද අවවාදයක් දුන්නා. “පුතේ අපි දුප්පත් වෙලා ඉපදුනා තමයි. ඒත් බලපන් උඹට හොද උත්සහයෙන් වැඩ කරනවා.
උඹ හොදට හිතලා ඔය විදිහට වැඩ කරොත් අපිට මේ අපි වැටිලා ඉන්න දුප්පත් කමෙන් ගොඩ එන්න පුලුවන් නේද හැමදාම අඩ අඩ ඉන්නේ නැතිව”
මේනකාව අන්තිමට හම්බවෙලා මාස තුනකින් විතර ඇය විවාහ වුණු බව සම්පත්ට ආරංචි වුණා. සම්පත් තමන්ගේ දුක් නැති කරගන්න තව තවත් වැඩ කරා.
මුලු දවසම වැඩ වලට හිත යෙදෙව්වා. ටික කාලයක් ඉතිරි කරගත්තු මුදල්වලින් ඔහු දවසක් පරණ වාහනයක් ගෙනවා.
ඒකට තව සල්ලි ටිකක් දාලා හොදට හදලා විකුනුවා. සම්පත්ට ඒකෙන් හොද ලාබයක් ලැබුණා. සම්පත්ට සාර්ථකත්වයේ ඉව දැනෙන්න ගත්තා. එක වාහනයක් වෙනුවට වාහන කීපයක් මුදල් වලින් කොටසක් දීලා අදුරන පුද්ගලයින්ගෙන් ගත්තු සම්පත් ඒවා හොදට හදලා හොද ලාබයක් තියන් විකුණන්න ගත්තා. අවුරුදු 7 ක් යනකොට සම්පත් ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෙක් වුණා.
දවසක් මුහුදු වෙරළට වෙලා නිදහසේ ඉන්න තමන්ගේ මෝටර් රථයෙන් ගිය සම්පත්ට මේනකාව හම්බ උනා. “අදුනන්න පුලුවන්ද” සම්පත් මේනකාට ලං වෙලා ඇහුවා. “ආ සම්පත් කොහොමද ඉතිං කොච්චර කාලෙකින්ද. ඔයා කවදාවත් මම කියපු විදිහට වෙනස් වුණේ නෑ. හැමදාම එකම තැනමනේ හිටියේ ඉතිං මම මැරි කරා.
තාමත් අර ගරාජ් එකේ වැඩට නැත්නම් වෙන තැනකද? මගේ මහත්තයානම් ලොකු කම්පනි එකක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් ඉන්න මම හදුන්වලා දෙන්නම්..
ලසන්ත මේ මගේ ඉස්කෝලේ යාලුවෙක්” මේනකා ඈත පොඩි බබෙක් එක්ක රැල්ල පාගා පාග හිටපු සැමියට කතා කරා. ” ආ සම්පත් සර් කොහෙද මෙහේ.. සර් මගේ වයිෆ්ව අදුරනවද? මේනකා මේ තමයි මගේ බොස් ” සැමියගේ කතාව අදහාගත නොහැකිව කරකියා ගන්න දෙයක් නැති වුණේ මේනකා ඇත්තටම අසාර්ථක කවුරුන්ද යන්න කල්පනා කරන්නට වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!