Health & Beauty

ඔබ දන්නවාද ඔබේ ළගම හිතවතා ඔබට මෙච්චර කරදර ගෙනෙන බව..

ලොකු කුඩා කියලා නෑ ජංගම දුරකථනය හැම කෙනෙක්ගෙම මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා හමාරයි. ගොඩක් අයට රෑට නින්ද යන්නෙවත් උදේට නැගිටින්නවත් අඩුම තරමේ කෑම කන්නවත් බැහැ තමන්ගේ ජංගම දුරකථනය නැතිව. ඒ තරම් අපි කොයි කවුරුත් ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා. හැබැයි ඉතිම් මේකට ඇබ්බැහි වෙන එකත් පුදුමයක් නෙවෙයි. මොකද ගොඩක් වැඩකටයුතු මේ උපාංගය නිසා අපිට පහසු වෙලා තිබෙනවා. මේකට අපේ ළගම හිතවතා යනුවෙන් ආමන්ත්‍රණය කරන එක පුදුමයට කරුණක් නොවේ. කොහොම උනත් ඔනවට වඩා හොද කියන්නේ නරකට කියලා කතාවක් තියෙනවානේ. ජංගම දුරකථනය කොච්චර අපිට සහය වුණත් එයින් සෞඛ්‍යට වැඩි හොදක්නම් නැහැ. මෙයින් ඇතිවෙන අහිතකර බලපෑම් සමහරක් දීර්ඝකාලීන ආබාධ ගණයට අයත් වෙනවා. ඉතින් මොනවද මේ බලපෑම් …

ප්‍රධාන වශයෙන් දුරකථන භාවිතයෙන් පිළිකා අවධානමක් ඇතිවෙනවා. ‌ගොඩක් අය තම ජංගම දුරකථනයෙන් නිතරම ගීතවලට
සවන්දෙනවා නම් ඒ වගේම දීර්ඝවශයෙන් දුරකථන සංවාදවල නිරතවෙනවා නම් කාලයක් ගතවනවිට මොළය ආශ්‍රිත ගෙඩි හෝ පිළිකා තත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා. ගොඩක් වෙලාවට මේ අවධානම එන්නේ තත්වයෙන් බාල වර්ගයේ ජංගම දුරකථන භාවිතා කිරිම නිසා. ඒ නිසා ඔබ ජංගම දුරකථනය උසස් තත්වයේ නිශ්පාදනයකින් තෝරගන්න වග බලාගන්න.

ඒ වගේම දෘෂ්ඨි අපහසුතා ඇති වීමත් ජංගම දුරකථන භාවිතයෙන් සිදුවෙනවා. එයින් නිකුත්වන අහිතකර කිරණ හා වැඩි වේලාවක්
තිරය දෙස බලා සිටීම මගින් මෙම ආබාධය ඇතිවෙනවා. නිදන්ගත රෝග තත්වයන්ද මේ මගින් ඇතිවෙනවා. කාලයක ඉදන් ඇතිවෙන, පැවතගන එන වේදනාවන් තමා නිදන්ගත රෝග කියන්නේ. මෙය එතරම් බරපතල නොවුණත් එයින් ඇතිවෙන වේදනාව අවමකොට සලකන්න බෑ. ඒ වගේම තමයි මානසික ආතතිය ඇතිවෙන්නත් දුරකථනය බලපානවා. වැඩිපුර ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ට විශාද තත්වය ඇතිවෙනවා. විශාදය කියන්නේ මානසික ආතතියේ උපරිම අවස්ථාව. එවැනි අවස්ථාවකට ඔබ මූණ දෙනවානම් මානසික වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාරගත යුතුයි. ඔබ නින්දට යනවිට දුරකථනය කොට්ටයට යටින් තියාගන නිදියනවාද? නැත්තම් ඇදේ තබාගන නිදියනවාද? එයින් සිදුවෙන්නේ ඔබගේ නින්දට බාධා ඇතිවීමයි. ජංගම දුරකථනයෙන් නිකුත්වන අහිතකර ක්ෂුද්‍ර කිරණමගින් සෘජුවම නින්දට බලපෑම් ඇතිකරනවා. උදෑසන අවධිවන විට ඇතිවෙන හිසරදය මෙයින් ඇතිවන බලපෑම්වල ප්‍රතිළුලයක්. මේ තත්වය දිගින් දිගටම පැවතුනොත් සුවකිරීමට අපහසු තත්වෙකට පත්වෙනවා.

ඉතින් ඔබ ජංගම දුරකථනය භාවිතා කරනවානම් හොද අවබෝධයකින් භාවිතා කරන්න.හොද තත්වයේ ජංගම දුරකතනයක්
භාවිතා කරන්න. ඒ වගේම දුරකථනය සමග ලබා දෙන උපදෙස් පත්‍රිකාව හොදින් කියවා දී ඇති උපදෙස් පිළිපදින්න.පුළුවන් තරම්
මෙයින් වන හානිය අවම කරගන්න වග බලා ගන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!