Health & Beauty

ඔබට තරහව පාලනය කරගන බැරිද? එහෙනම් මේ දේවල් ඔබට වැදගත් වේවි..

තරහා පාලනය කරගන්න බැරිව ලොකු විනාශයන් වගේම අකරතැබ්බයන්ට මුහුණ දෙන්න වුණු අවස්තා ඔබට සිදුවෙලා ඇති එහෙමත් නැත්තම් ඔබට අහන්න දකින්න ලැබෙන්න ඇති. මේ තරහව කියන්නේ කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. හොඳ දෙයක් බව දැන දැන පාලනය කරගන්නත් අමාරුයි .ඒක ඇත්ත. හැබැයි මේ තරහව පාලනය කරගන්න ඒක ඇත්තටම ගොඩක් වැදගත්. ඔබත් මේ කියලා තියන දේවල් ජීවිතයට එකතුකරගන තරහව පාලනය කරගන්න උත්සහ කරන්න.

1. විහිළුවෙන් තරහව පිට කරගන්න

විහිළු කරනවා කියන්නේ මේ ඇස් රතු වෙන විහිළු නෙවෙයි. තමන්ට තරහ දැනිච්ච වෙලාවට ඒක මොකක් හරි මෝඩ ජෝක් එකකින් කියන්න පුළුවන්. ඕකත් ඉතින් එක පාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විදියේ මානසිකත්වයක් ගොඩ නගාගන්න දේවල් කීපයක් පුරුදු වෙලා ඉන්න ඕනි. ඒ අතරින් පළමුවැන්න තමයි පුල් මාවලස් විදියට හිනාවෙන්න පුළුවන් වෙන එක. ඊළඟට බුකියේ දකින මීම්ස් වගේ විහිළුකාර දේවල් නිතර ඇසුරු කරන එක. ඒකට 9GAG, Meme Center වගේ සයිට්ස් ෆලෝ කරන්න පුළුවන්. ඊට අමතරව පුල් ආතල් එකේ ජීවත්වෙන මිනිස්සු ආශ්‍රය කරන එකත් වැදගත්. තමන්ගේ ඇතුළේ ඉන්න විහිළුකාරයා එළියට ඇදලා ගන්න මේ තියෙන්නේ ප්‍රයෝග කීපයක් විතරයි.

2. 1 ඉඳන් 10ට ගණන් කරන්න

මේක අපි පුංචි කාලේ ඉඳන් අහපු කතාවක්. ලොකු වෙද්දී මේක මෝඩ කතාවක් කියලා පැත්තකට දාන්න හිතාන ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. හැබැයි මේක 100%ක් හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ තමන්ගේ චින්තන ශක්තිය මත. මොකද කියනවා නම් ඔය ගණන් කරන කතන්දරේ තේරුම තමයි තමන් තරහ අරගෙන ඊළඟට ගන්න ඉන්න ක්‍රියාමාර්ගේ සම්බන්ධයෙන් හිතන්න කාලය ලබා දෙන එක. මේක නිකන් හිතළුවක් නෙවෙයි කියලා ඔප්පු කරන්න දැන් විද්‍යාත්මක පදනමකුත් තියෙනවා.

3. ගැඹුරු හුස්මවල් තුනක් ගන්න

ඉතාම හෙමින් මේ විදියට ගැඹුරු හුස්මවල් තුනක් ගන්න කියන්නෙත් ගණන් කරනකොට වෙන දේ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම. ඒ කියන්නේ මේ තරහ ගන්න එකේ ප්‍රතිඵලය ගැන හිතන්න ඉඩ හදලා දෙන එක. හැබැයි ඒක විතරක්ම නෙවෙයි. මේකට ජීව විද්‍යාත්මක කතාවකුත් තියෙනවා. තරහා ගන්නකොට හෘද ස්පන්දනය වැඩි වෙනවා, දාඩිය දාන්න ගන්නවා, ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් හෝමෝන අධික වශයෙන් ස්‍රාවය වෙන්න ගන්නවා. මේ දේවල් අතින් අල්ලලා පාලනය කරන්න බැහැ. ඒත් මේ විදියට හුස්ම ගන්න එකෙන් ශරීරයට පණිවිඩයක් දෙනවා කිසි ගින්නක් නැහැ හැම දෙයක් ම කූල් කියලා. එතකොට අර කලින් කියපු දේවල් නැතිවෙලා තරහව පාලනය කෙරෙනවා.

4. තරහව තනි කරන්න

තනි කරනවා කියන්නේ මෙහෙමයි. තරහා ගියාම ඒ අවස්ථාවෙන් මිදිලා පුළුවන් නම් කොහේ හරි ඇවිදින්න යන්න. වැඩිය නෙවෙයි විනාඩි 5ක 6ක ගමනක් වුණත් ෂේප්. ඒ කියන්නේ අපිට තරහා ගන්න හේතු වුණ පුද්ගලයා නැත්තම් ඒ අදාළ සිද්ධිය තියන පරිසරයෙන් ඈත් වුණාම දේවල් ටිකෙන් ටික නෝමල් වෙලා යනවා. පයින් ඇවිදන් යන එක තමයි වඩාත් නුවණක්කාර. වාහනයක් එළවාගෙන යනවයි කියන්නේ අනික් මිනිස්සුන්ගෙත් ජීවිත අනතුරේ දානවා කියන එකයි.

5. ආදරණීයයෙක් ගැන හිතන්න

මොකෙක් හරි පාන්කඩයෙක් එක්ක අවුලක් ගිය වෙලාවට ඒ මනුස්සයා ගැන හිත හිතාම ලේ කෝප කරගන්න යන්නේ නැතුව, තමන් ආදරය කරන පුද්ගලයෙක් ගැන හිතන්න. අම්මා, තාත්තා, හොඳම යාළුවා, ප්‍රේමවන්තිය නැත්නම් ප්‍රේමවන්තයා කියන අය නැත්නම් ඔයාගේ ජීවිතේ ඉන්න වෙනත් විශේෂ, ඔයාව සතුටින් තියන පුද්ගලයෙක් ගැන හිතුවම තරහා අමතක වෙලා යනවා.

6. සින්දුවක් අහන්න

සින්දු අහනවයි කියලා බස් සින්දු සහ මල් සින්දු අහන්න නම් යන්න එපා, තියෙන තරහා දෙපිටින් යන්නේ. ඇහුවම මනස සැහැල්ලු කරවන ගීත තියනවා. ඉංග්‍රීසි ගීතවලින් මේ සම්බන්ධයෙන් හදපු ප්ලේලිස්ට් එකක් තියනවා. භාෂාවේ භේදයක් නැතුව අහන්න පුළුවන් හොඳ සින්දු ඕනි තරම්. අහනකොට පාවෙන්න හිතෙන සිංදුවල ඉඳන් කැරකිලා දෙකට නැමෙන සින්දු දක්වාම හිත සතුටින් පුරවන සින්දු තරහා ගිය වෙලාවක අහන්න.

7. රබර් බෑන්ඩ් ටෙක්නික්

මේක කොල්ලෝ කෙල්ලෝ ආතල් එකට කරන සෙල්ලමක් නෙවෙයි. මේක ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගත්ත ක්‍රමවේදයක්. රබර් බෑන්ඩ් එකක් අතේ මැණික් කටුවට වළල්ලක් වගේ දාගන්නවා. ඊට පස්සේ තරහා ගිය වෙලාවට රබර් පටිය ඇදලා ඒක අතේ වැදෙනවත් එක්කම මෛත්‍රීසහගත දෙයක් හිතාගන්නවා. මේ රබර් බෑන්ඩ් සෙල්ලමේ තේරුම තමයි තියන පැටර්න් කඩන එක. රබර් පටිය ගිහින් අතේ වදින හැම වෙලේම මම අලුත් දෙයක් හිතනවාය කියන අරමුණ ඇඟට දැනෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!