Gossip

“ඒ හීනය නැතිවෙලා ගියා..හොඳම වෙලාවට විවාහය සිද්ධ වෙයි” – ශාලිකා එදිරිසිංහ

ශාලිකා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් වගේම වේදිකාවෙනුත් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය තරුණ නිළියක්.
ඇයගේ විවාහය ගැනත් ඉදිරි වැඩ ගැනත් සතිඅන්ත පුවත්පතකට ශාලිකා මේ විදිහට කියලා තිබුණා.

උපන් දිනය තිබුණා නේද? පාටියක් එහෙම දැම්මෙ නැද්ද?
උපන් දිනය සමරන්න මම ලංකාවෙ හිටියෙ නැහැ. ඒ නිසා එහෙම කිසිම දෙයක් සූදානම් වුණේ නම් නෑ.

යාළුවන්ගෙන් සප්‍රයිස් පාටියක් ලැබුණා නේද?
උපන් දිනය තිබුණේ ඔක්තෝබර් 12 වැනිදා. 11 වැනිදා රෑ තමයි මම ලංකාවට ආවේ. ඒ එනකොට රෑ 12ට මගේ යාළුවෝ ගෙදරට ඇවිත් මා වෙනුවෙන් සප්‍රයිස් පාටියක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒ කරපු පුදුම කිරීමට මම ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මම මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක රංගනයෙන් නිරත වෙනවා. ඉතින් ඒවා තමයි කලා ජීවිතේ අලුත් තොරතුරු.

නිතරම මූණ පෙන්නන්න ඔබට වුවමනාවක් නැද්ද?
මේ දවස්වල නම් නිතරම මාව දකින්න ලැබෙනවා. නමුත් එහෙම නිතරම මූණ පෙන්නාගෙන ඉන්න මට වුවමනාවක් නෑ ඇත්තටම. කරන හොඳ එක නිර්මාණයෙන් හරි ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් නම් ඒක තමයි මට වැදගත් වෙන්නේ.

ඒක ජනප්‍රියත්වයට හානියක් වෙන්නේ නෑ කියල ඔබ හිතනවද..?
නිර්මාණයක් තුළින් සමාජයට යමක් දීමයි වැදගත්. දවස් පහේම මූණ පෙන්නුවත් වැඩක් වෙන්නේ නෑ නොවැදගත් නිර්මාණ තුළින්. ඉතින් මට නම් ජනප්‍රියත්වයට හානියක් වෙලා නැහැ. වැඩක් ඇති එක නිර්මාණයකින් හරි මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න පුළුවන් නම් සාර්ථක තැන තමයි එතැන.

ගුරුවරියක් වෙන්න තිබුණු හීනේ තවමත් තියෙනවාද?
පුංචි කා‍ලේ ඉඳන් උසස් පෙළ දක්වාම මම විෂයයන් තෝරාගත්තේ ගුරු වෘත්තියට පිවිසෙන්න හිතාගෙන. නමුත් පාසල් කාලෙම ඇතිවුණු ඒ හීනේ පාසල් කාලෙ අවසානයත් එක්කම නැතිවෙලා යනවා.
නමුත් ඉගෙන ගන්න එක එහෙම කවදාවත් නතර වෙන දෙයක් ‍නෙවෙයි. ඉතින් මම අද මෙතැනිනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

සිනමාව තුළ ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
සිනමාව තුළ ආපු ගමන ගැන නම් මම තෘප්තිමත් නෑ. මොකද මට එහෙම තෘප්තිමත් වෙන්න තරම් නිර්මාණ ලැබිලත් නැහැ.

වේදිකාව තුළින් ආපු කෙනෙක් නේද ඔබ?
ඔව්. මම මෙතැනට එන්නේ වේදිකාවෙන්. ඒ ආපු නිසා රංගනය තුළ අද මම සාර්ථකයි කියලා හිතනවා. රංගනය, අධ්‍යයනය කරන්න හොඳම තැන වේදිකාව. අපිට ඉගෙන ගන්න සෑහෙන දේවල් වේදිකාවක් මත තියෙනවා.

ඔබ විටෙක හාස්‍ය රංගන ශිල්පිනියක්. ඒ රංගනය ‍ලේසිද? අනිත් රඟපෑම්වලට සාපේක්ෂව?
හාස්‍ය රංගනය කියන්නේ හිනාවෙනවා තරම් ‍ලේසි කටයුත්තක් නම් ‍නෙවෙයි.
කෙනෙක් හිනස්සවන එක තමයි අමාරුම දේ. ඉතින් අපිට අපේ රංගනය තුළ ඒ අමාරු කාර්ය කරන්න පුළුවන් වුණා කියන්නෙම අපි රංගන ශිල්පීන් හැටියට සාර්ථකයි කියන එක.

පෞද්ගලික ජීවිතේ විස්තර ගැනත් කියමු?
පෞද්ගලික ජීවිතේ ගැන විශේෂයෙන්ම කතා කරන්න යමක් නැහැ. ඉදිරියේදී නිෂ්පාදන කටයුත්තකට සම්බන්ධ වීමේ බලා‍පොරොත්තුවක් නම් තියෙනවා.

විවාහය ගැන තවම අදහසක් නැද්ද?
සිද්ධ විය යුතු හොඳම වෙලාවට හොඳම කෙනා එක්ක හැමෝගෙම ආශිර්වාදය මත විවාහය සිද්ධ වෙයි කියන අදහස තමයි විවාහය ගැන මට තියෙන්නේ.

කොහොම කෙනෙක්වද ඔබ බලා‍පොරොත්තු වෙන්නේ?
කවුරුත් වගේ මමත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක්ව තමයි බලා‍පොරොත්තු වෙන්නේ. මාව ආදරෙන් රැක බලා ගන්න, දවසක මගේ දරුවන්ට හොඳ පියෙක් විය හැකි, ගතිගුණ අතින් පරිපූර්ණ අයෙක්ව තමයි මම බලා‍පොරොත්තු වෙන්නේ.

දිගටම රඟපාන්නද බලා‍පොරොත්තුව?
මේ වෙනකොටත් මම රඟපාන්නේ නිර්මාණ තෝරාගැනීම් සහිතව. ඉතින් අනවශ්‍ය විදියට කාර්යබහුල වෙලා රඟපාන්න නම් මගේ බලා‍පොරොත්තුවක් නැහැ.
එකක් හරි හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණොත් ඒ හොඳටම ඇති මට සතුටු වෙන්න.

ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?
අතරමග නතර වුණු නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒවත් ඉදිරියේදී කරන්න ඕන.
ඒ වගේම චිත්‍රපටයකටත්, තවත් නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වීමට නියමිතයි. ඊට අමතරව ඉදිරියේදී මගේම කියලා හොඳ නිර්මාණයක් කිරීමේ බලා‍පොරොත්තුවකුත් හිතේ තියෙනවා.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!